Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොන්දේසි මත සැප්තැම්බර් 01 සිට සංචාරකයින් ලංකාවට

  ලබන 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කොන්දේසි සහිතව අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත. සම්පූර්ණයෙන්ම එන්නත්...

 


ලබන 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කොන්දේසි සහිතව අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.


සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට මෙරටට ඒමට හැකියාව පවතින අතර ,ඔවුන්ට ගුවන් තොටුපළේදී සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන අතර ඉන්දීය සංචාරකයින්ට දිවයින පුරා සංචාරය කළ හැකි බව සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටි ආරච්චි මහාතා ප්‍රකාශ කළේය.


තවද ඉන්දීය සංචාරකයන් වෙනුවෙන් ලබන 01 වැනිදා සිට කොළඹ සහ ඉන්දියාව දක්වා ගමනාන්ත 03ක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටද නියමිතව ඇතැයිද හෙතෙම කිය.


මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතු බවත් , ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසයක කාලයක් සඳහා වීසා නිකුත් කෙරෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


ඒ අනුව සතියකට චෙන්නායි වෙත ගමන් වාර 04ක්, මුම්බායි වෙත ගමන් වාර 03ක් සහ බැංගලෝරය වෙත ගමන් වාර 01ක් වශයෙන් ආරම්භයේදී ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සැප්තැම්බර් අවසානය වන විට දිල්ලියට තවත් ගුවන් ගමන් 02ක් දක්වා ද වැඩි කිරීමට බලාපොරොත්තුවන බව ද සංචාරක ලේකම්වරයා සඳහන් කළේය.

nethnews

No comments

Ads Place