මේ දිනවල ලෝකයේම අවධානය යොමුව පවතින්නේ කොවිඩ් මර්ධන එන්නත් සම්බන්ධව බවට සැකයක් නැහැ, පවතින වසංගතය හමුවේ රටක් තම ඉදිරි ගමන තීරණය කරන්නේ කොවිඩ...
මේ දිනවල ලෝකයේම අවධානය යොමුව පවතින්නේ කොවිඩ් මර්ධන එන්නත් සම්බන්ධව බවට සැකයක් නැහැ, පවතින වසංගතය හමුවේ රටක් තම ඉදිරි ගමන තීරණය කරන්නේ කොවිඩ් මර්ධන එන්නත රටේ ජනතාවට එන්නත් කිරීමේ ප්‍රගතිය මත පිහිටා වන අතර එයින් තොරව රටක ආර්ථිකය හෝ පැවැත්ම ස්ථාවර කරගන්නට නොහැකි බව ලොවටම අවබෝධ වී හමාරය.
ඒ අනුව ලොව සෑම රටක්ම සිය උපරිම ශක්තිය යොදා එන්නත් ලබා ගැනීමටත් එම එන්නත් ඉතා කඩිනමින් ජනතාවට එන්නත් කිරීමටත් හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින්නේ කොවිඩ් එන්නත් වෙළඳපොල තරඟයද උපරිම කරවමින්ය. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන එන්නත් කඩිනමින් තම රටේ ජනතාවට ලබා ගැනීමට බොහෝ රටවල් ක්‍රියා කරන අතරම තවත් රටවල් බොහොමයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට පවා ප්‍රථම අදාළ එන්නත් ජනතාවට ලබා දෙන්නේ අදාළ රටවල සෞඛ්‍ය බලධාරීන් හා ආයතනවලට තම රටේ කොවිඩ් වසංගතය පාලනයට ඇති අවශ්‍යතාවය පෙන්වමින්ය.
ලෝකයම එසේ වුවත් අපේ රටෙනම් කතාව ඊට වඩා බොහෝ වෙනස්ය, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිය උපරිම ශක්තිය යොදා එන්නත් ගෙන්වා ගන්නට සහ එය ජනතාවට ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනා නමුත් අපේ රටේ සෞඛ්‍ය අංශයට ඒ උනන්දුව නැත රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීමට කැපවිය යුතු සමහර පිරිස් ක්‍රියා කරන අකාරය සැබවින්ම ලජ්ජා සහගතය.
අපේ රටේ සෞඛ්‍ය ක්‍රමවේදය අනුව මෙරට භාවිතයට ගන්නා සියලු ඖෂධ භාවිතයට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය අත්‍යාවශ්‍ය කරුණකි, එවැනි පසුබිමක එම ආයතනයේ වගකීම රටේ වසංගතය පාලනයට අවශ්‍ය එන්නත් හා ඖෂධ කඩිනමින් අනුමත කොට මෙරට භාවිතයට අවසර දීමය. එහිදී එම එන්නත් වල කාර්යක්ෂමතාව සහ වසංගත පාලනයට ඇති හැකියාව සලකා බැලිය යුතු සේම එම ක්‍රියාවලිය කඩිනම් විය යුතුමය. නමුත් රටේ හා ජනතාවගේ අවාසනාවට NMRA හි එන්නත් කමිටුව කරන්නේ එන්නත් අනුමත කිරීමට එහා ගිය දේශපාලනයක් බව යලි ඔප්පු කරමින් ඇත. මීට පෙර සයිනොෆාම් එන්නත අනුමත කිරීමට කල් මරු ඔවුන් දැන් සයිනොවැක් (Sinovac) එන්නතටද එයම කරමින් සිටී.
සායනික පරීක්ෂණ වලින් සමත්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා ලැබී ඇති ලෝකයේ රටවල් රැසක එන්නත් කරණය කර ඇති සහ කරමින් පවතින ලොව රටවල් රැසක නිෂ්පාදන ක්‍රියාවලිය පවා ආරම්භ කොට ඇති මෙරට තුලද නිශාදන කටයතු ආරම්භ කොට ඇති සයිනොවැක් (Sinovac) එන්නතට අවසර ලබාදීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) එන්නත් කමිටුව දිනෙන් දින කල් මරමින් සිටී. එහි මහාචාර්ය වෛද්‍ය රජීවද සිල්වා මහතා විසින් දිගින් දිගටම මෙම එන්නත අනුමත කිරීම ප්‍රතික්ෂේප කරමින් එන්නත සම්බන්ධයෙන් වැරදි මත පළකරමින් අනුමැතිය කල් දමමින් සිටීනා බවයි වාර්තා වන්නේ.
අප කල සොයා බැලීමකදී වාර්තා වුයේ අදාළ මහාචාර්යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ කුළුපග සගයකු වන බවයි ඒ අනුව රාජිතගේ උපදෙස් අනුව සයිනොවැක් (Sinovac) එන්නත අනුමත කිරීම කල් දමන බවයි හෙළි වී ඇත්තේ. එය සත්‍ය බව පසක් කරමින් පසුගිය කාලයේ රාජිත සේනාරත්න ප්‍රමුඛ සජබ පිරිස් සයිනොවැක් (Sinovac) එන්නතේ අඩුපාඩු පිළිබඳව මාධ්‍ය හමුවේ පවසමින් ජනතාව තුල අදාළ එන්නත සම්බන්ධයෙන් බියක් හා වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කරන දැක්විය හැකිය.
ලෝකයම එන්නත් වෙනුවෙන් තරඟයක සිටිනා සමයක මෙරටට අවශ්‍ය එන්නත් ලබා ගැනීමෙන් නොනැවතී එන්නත් නිෂ්පාදනයට පවා කටයුතු සලසමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීනුත් විශාල කාර්යභාරයක් ඉටු කරන සමයක සිය දේශපාලනය වෙනුවෙන් ක්‍රියාකරන දේශපාලකයින් සමඟ එක්ව ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා රජයේ නිලධාරීන් කරනා මෙවන් කටයුතු නිසා මේ රටේ ජනතාවගේ ජීවිත අනතුරේ වැටීම සැබවින්ම කනගාටුවට කරුණකි.
රටේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිලධාරීන් හා බංකොලොත් දේශපාලකයින් එක්ව සිදු කරන මේ අසාධාරණ ක්‍රියාව තරයේ හෙලා දකින අතර මේ පසුපස ඇති තිත්ත ඇත්ත සාක්කි සහිතව ඉදිරියේදී හෙළි කිරීමට සුදානම් බව මතක් කලයුතුය.
noizetv
No comments