Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වව්නියාවේ සිදුකළ අහඹු PCR පරීක්ෂාවේදී පුද්ගලයින් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනියි

වවුනියාව නගරයේ දී ඉකුත් ජුලි මස 01 වැනිදා සිදුකළ අහඹු පි.සි.ආර්.පරීක්ෂා කිරීම් 470ක වාර්තා අතරින් පුද්ගලයින් 16 දෙනෙකු කොවිඩ් අසාදිතයින් බවට...


වවුනියාව නගරයේ දී ඉකුත් ජුලි මස 01 වැනිදා සිදුකළ අහඹු පි.සි.ආර්.පරීක්ෂා කිරීම් 470ක වාර්තා අතරින් පුද්ගලයින් 16 දෙනෙකු කොවිඩ් අසාදිතයින් බවට තහවුරු වි ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කර සිටිනවා.


මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ වවුනියාව නගරයේ පුද්ගලයින් 606 දෙනෙකු සහභාගි කරවා ගනිමින් අහඹු පි.සි.ආර් පරීක්ෂා කිරීම් සිදුකළ බවයි. අදාළ පරීක්ෂා කිරීම්වලින් 470 දෙනෙකුට අදාළ පි.සි.ආර් වාර්තා ඊයේ (02) සවස ලද බවත්, ඉන් පුද්ගලයින් 16 දෙනෙකු ආසාදිත බවට තහවුරු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කර සිටියේ.


අදාළ ආසාදිතයින් ගමන්ගත් ස්ථාන වසා දැමීමට පියවර ගත් බවත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ.

nethnews

No comments

Ads Place