Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීති විරෝධී භාණ්ඩ විකිණු ප‍්‍රකට Online සමාගමට නඩු…

  2021 පෙබරවාරි මස 25 වන දින නිකුත් කළ අංක 2216/33 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අත් පිරිසිදුකාරක නිෂ්පාදකයන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(...

 


2021 පෙබරවාරි මස 25 වන දින නිකුත් කළ අංක 2216/33 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අත් පිරිසිදුකාරක නිෂ්පාදකයන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) ලියාපදිංචි වී එම ලියාපදිංචි අංකය සැනිටයිසර් ඇසුරුමේ සඳහන් කළ යුතුය.

මීට පටහැනිව සැනිටයිසර් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම, අලෙවිය සහ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුල තහනම් වේ.

නමුත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මෙරට වෙළඳාමෙහි යෙදෙන ප්‍රධාන, ජනප්‍රිය ආයතනයක් NMRA අනුමත නොවූ සැනිටයිසර් අලෙවි කරනු ලැබ ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පුත්තලම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීමක් සිදු කර සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

මෙවැනි ප්‍රමිතියට පටහැනි සැනිටයිසර් සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා ඉදිරියටත් වැටලීම් සිදුකරන බව පුත්තලම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place