Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය LTTEය ඩැහැ ගනී! [VIDEO]

  මෑතකදී එකපාරටම කොරෝනා වසංගතයත් එක්ක ආපු තව වසංගත ගොඩාක් තියෙනවා. බැලූ බැල්මට ලෝකේ අනිත් රටවල් වල තියෙන්නේ කොරෝනා වසංගතය විතරයි. නමුත් ලංකා...

 


මෑතකදී එකපාරටම කොරෝනා වසංගතයත් එක්ක ආපු තව වසංගත ගොඩාක් තියෙනවා. බැලූ බැල්මට ලෝකේ අනිත් රටවල් වල තියෙන්නේ කොරෝනා වසංගතය විතරයි. නමුත් ලංකාවේ කොරෝනා වසංගතයත් එක්කම තව වසංගත ගොඩාක් ඇවිල්ල තියෙනවා. කොරෝනා වසංගතය, වෛද්‍ය වසංගතය, හෙද වසංගතය, මහජන සෞඛ්‍ය වසංගතය, වෛද්‍ය රසායනාගාර වසංගත වගේ මෙකී නොකී වසංගත ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒක දැන් තමා මිනිස්සුන්ට පේන්නේ. ඒත් බලධාරීන්ට නම් තාම පේන බවක් නම් පේන්න නැහැ. ඒ වසංගතයත් එක්කම ඒ වසංගතය ආදායම් මාර්ගයක් කරගත්ත සමාගම් ගොඩාක් බිහිවෙලා තියෙනවා. වෙනසකට තියෙන්නේ, ඒවා ඒ සමාගම් වලට තියෙන නම් වලින් නෙමෙයි පෙනී හිටින්නේ. ඒවා පෙනී හිටින්නේ වෘත්තීය සමිති වගේ.


ඊ. ඒ. ගුණසිංහ මහත්තයා තමයි මුලින්ම ලංකාවේ ප්‍රධාන වෘත්තීය සමිතිය බිහිකළේ. මේ වගේ වෘත්තීය සමිති කියන නාමයෙන් කඩ සහ සමාගම් ලංකාවේ කවදහරි පටන් ගන්නවා කියලා දන්නවනම්, ඒ වගේ උත්තමයෝ ඇවිල්ලා ඒ වගේ දෙයක් ලංකාවේ පටන් ගන්න එකක් නෑ. මේ අවධියේ කැපී පෙනෙන එක් සමාගමක් තමයි වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමය සහ එහි අයිතිකරු වන රවි කුමුදේශ් යන පුද්ගලයා.


මෙච්චර කාලයක් මේ රටේ මහජනතාවගෙන් වසන් වෙලා තිබුණු එකම කරුණ තමයි, මොහු LTTE ඒජන්තයෙක් කියන එක. මිනිස්සු දන්නේ නැති වුනාට, LTTE ත්‍රස්තවාදීන් අත්අඩංගුවට පත් වුණාට පස්සේ එයාලගේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර සහ වෙනත් දේශද්‍රෝහී ක්‍රියා වල නිරත වූ එක් ප්‍රබල චරිතයක් තමයි රවි කුමුදේශ්. ඒකේ නම් මෙයාගේ රසායනාගාර විද්‍යාවවත්, මොකවත් අපි දැක්කේ නෑ. පුල්ලි තියෙන හොඳ කොටියෙක් වගේ තමයි අපි ඒ කාලේ දැක්කේ. ඒ වගේම 2007 වර්ෂයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට පත් වු LTTE පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් පිරිසක් කොළඹ ඉඳන් ගිය විදිහ, පුහුණුව ලැබූ අවි ආයුධ වර්ග, ඔවුන්ගේ පුහුණුවීම් සහ ඔවුන් පහරදීමට සිටි ඉලක්ක කරගත් පාතාල කණ්ඩායම් සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කතා රාශියක් මේ රවි කුමුදේශ් යන පුද්ගලයා දන්නවා. ඒ ගැන නම් කතා ගොඩාක් තියෙනවා. ඒත් ඉතින් ඒ අතීතය කවුරුත් දන්නෙත් නෑ, ඒවා එළියට එන්නෙත් නෑ කියලා හිතනවා නම්, පුහු හීනයක් පමණයි. ඔවුන් මේවා යම් අභියෝගයකට ලක් කරනවා නම් අනාගතයේදී ඒවා එළි දක්වන්න පුළුවන්.


පේනවනේ මේ සංවිධානයෙන් විතරක් නෙවෙයි, LTTEය විසින් ලබාදුන් රවි කුමුදේශ් යන ව්‍යාජ නමකින්ද මොහු පෙනී සිටිනවා. මොහු යාපනය ප්‍රදේශයේ උපත ලැබූ අයෙක්. ඔහුගේ පියා සරවනමුත්තු වන අතර යාපනය මුල් පදිංචිකරුවෙක්. ඔහුගේ මව කමලා මුත්තයියා ය. ඒ වගේම මේනක ශ්‍රී රෝමන් තම්බිරත්නම් සහ අනුෂ ප්‍රශාන්තන් තම්බිරත්නම් මොහුගේ සහෝදරයන් ය. ඒ වගේම මොහුගේ තවත් විශාල ඥාතීන් පිරිසක් යුරෝපයේ සහ වෙනත් රටවල ජීවත් වෙනවා. එයින් විශාල පිරිසක් ඩයස්පෝරා කණ්ඩායම් වල සහ LTTE එකේ ප්‍රබල ආධාරකරුවන්.


මේ කතාවේ එළියට දැම්මේ ටිකයි. තිරය පිටිපස්සේ තව ගොඩාක් දේවල් තියෙනවා.එයාලට මේක ආවර්ජනය කරන්න,දැනට මේ ටික ඇති.


අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ කඩිනමින් විමර්ශනයක් පවත්වන්න.


මේ කොරෝනා අස්සේ කරගෙන යන කඩාකප්පල්කාරී වෘත්තීය ක්‍රියාමාර්ගය හුදෙක් ඒ පුද්ගලයා විතරක් කරන දෙයක් නෙමේ. ඒක ත්‍රස්තවාදී සංවිධානයක් පසුපස ගැබ් වෙලා තිබුණු අරමුණු ඉෂ්ට කර ගැනීමේ ඉලක්කයක් විතරයි, මොහු සපුරා ගන්න යන්නේ. මේ කරන්නේ වෙන මුකුත් නෙමෙයි, යුද්දෙකින් දිනා ගන්න බැරි දේ වෙනත් ආකාරයකින් රට අස්ථාවර කිරීමයි.


බලධාරියනී, මේ පිළිබඳ කඩිනමින් පුළුල් විමර්ශනයක් කරන්න…

VIDEO

noizetv

No comments

Ads Place