Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

F & G බිද වැටේ… තැන්පතුකරුවන්ට ගෙවන්න මුදල් නෑ…

  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය. F & G තැන්පත්කරුවන් කබලෙන් ල...

 


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

සෙලින්කෝ සමාගම බිදවැටිමත් සමගම සෙලින්කෝ සමාගමට අයත් F & G Property Developers Limited සහ F &G Real State company යන සමාගමට අයිතිව තිබූ Fingara Town and country Club ආයතනය පාලනය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරන ලද කමිටුවක් මගිනි. එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් Fingara Town and country Club ආයතනය පාලනය කිරීම සදහා කමිටුවක් පත්කරන ලද්දේ F & G Property Developers Limited සහ F&G Real State company යන සමාගම්වල මුදල් තැන්පත්කල තැන්පත්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මුළික අයිතිවාසිකම් නඩුවකට අනුවය. නඩු අංක SCFR 317/2009.

ඊට පසු F & G Property Developers ආයතනය විකිණීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් ආයෝජකයින් කැදවන ලදී. මේ සදහා අවස්ථා කිහිපයකදීම ආයෝජකයින් ඉදිරිපත්වුවද එම ආයෝජකයින්ගේ යෝජනා සාර්ථක නොවීය. ඊට පසු F & G Property Developers ආයතනය මිලදී ගැනීම සදහා ZRA Holdings සමාගම ඉදිරිපත්වී සිය යෝජනාව ඉදිරිපත් කරන ලදී. ඒ අනුව අදාල සමාගම F & G Property Developers Limited සහ F&G Real State company යන සමාගම් සදහා ආයෝජකයෙකු පත්කර ගැනීම සදහා ගිවිසුම්ගතවීමට නියමිතව තිබුණි. එහි මූලික කොන්දේසියක් වූයේ ප්‍රථමයෙන් අදාල ආයතනය වෙත ආයෝජකයා වන ZRA Holdings සමාගම මිලියන පන්සසියයක මුදලක් ගෙනඒමයි. ඉන්පසු තැන්පත්කරුවන්හට බිලියන හතරක මුදලක් ගෙවිමයි. ප්‍රථම කොන්දේසිය වන ආයතනය වෙත මිලියන පන්සියයක මුදලක් ගෙනඒමට තවමත් ZRA Holdings සමාගම අපොහොසත්වී ඇත. අවස්ථා කිහිපයකදීම ඔවුන් විසින් එම මුදල ගෙන ඒමට දී තිබූ දින වෙනස් කරගෙන ඇත්තේ විවිධ හේතු ඉදිරිපත් කරමින්ය. තවද ZRA Holdings සමාගම විසින් පසු Fingara Town and country Club ආයතනයේ පාලනය භාරගෙන මාස දෙකකට පසු මිලියන පන්සියයක මුදල ගෙන ඒමට අවසර පැතුවද පැමිණිලි පාර්ශවයේ නීතීඥයින්ගේ විරෝධය හමුවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ZRA Holdings සමාගම යනු මෙරට කිසිදු සැළකියයුතු ව්‍යාපාරයක නිරත වන සමාගමක් නොවන බව අප විසින් කරන ලද සොයාබැලීමකින් තහවුරුවිය. එහි අයිතිකරු පුද්ගලයින් රට යවන බව පවසා මුදල් ලබාගත් බවට වන චෝදනා එල්ලවූ අයෙකි. තවද එම සමාගම විසින් රුපියල් මිලියන පන්සියයක මුදල රැස්කරගන්නා ආකාරය පිළිබදව මහබැංකුව වෙත ඉදිරිපත් කරන ලද ලියවිල්ලද පිලිගත නොහැකි එකකි. එහෙත් එම ලියවිල්ල ශ්‍රී ලංකා මහබැංකුව විසින් පිළිගෙන ඇත. එසේ පිළිගැනීමද සැකසංකා උපදවයි.

ZRA Holdings සමාගම උත්සහ කරන්නේ කෙසේ හෝ F & G Property Developers ආයතනයේ පාලනය ලබාගෙන එම ආයතනයට අයිති දේපල විකුණා අවශ්‍ය මුදල් සපයා ගැනීමයි. මේවන විටත් කිසිම අවසරයකින් තොරව ZRA Holdings සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන සරත් සුභසිංහ නැමැත්තා F & G Property Developers ආයතනයට අයත් දේපල වෙනත්

F & G Property Developers Limited සහ F&G Real State company යන ආයතන තුළ මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින් මේවන විට විශාල ලෙස අසරණවී ඇත. වසර ගණනකින් තමන් තැන්පත් කරන ලද මුදලට සාධාරණයක් ඉටුවී නැත. එසේ මුදල් තැන්පත් කල සමහර පුද්ගලයින්ට අද තමන්ගේ රෝගයට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමටවත් මුදල් නැතුව අසරණවී සිටී. තත්වය එසේ තිබියදී එම තැන්පත්කරුවන් මුදල් ගෙවීමට තරම්වත් නොහැකි වංචා කාරයින් අතට F & G Property Developers ආයතනය පත්වුවහොත් කබලෙන් ලිපට වැටෙන්නේ ට F & G Property Developers ආයතනයේ මුදල් තැන්පත් කල 3500 කට අධික මුදල් තැන්පත්කරුවන් පමණක් නොවේ. Fingara Town and country Club ආයතනයේ 90 කට අධික සේවකයින් හා 2900 කට අධික ජීවිතකාලීන සමාජිකයින් ද කබලෙන් ලිපිට වැටේ.

එසේ හෙයින් F & G Property Developers ආයතනයේ පාලනය කිසියම් පාර්ශවයක් අතට ලබාදීමේදී දූෂණයෙන් හා වංචාවෙන් තොරව එම ආයතනය පවත්වාගෙනයාමට හැකියාවක් ඇති සමාගමකට ලබාදීමට කටයුතු කරන ලෙසත් ZRA Holdings සමාගම පිළිබදව නැවත සොයා බැලීම සදහා කටයුතු කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

lankacnews

No comments

Ads Place