Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලාභවින් නිදහස් කෙරේ

හුදෙකලා කර තිබු තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 08සිට හුදෙකලාභවින් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව කෑගල්ල පොල...


හුදෙකලා කර තිබු තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 08සිට හුදෙකලාභවින් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


ඒ අනුව කෑගල්ල පොලිස් වසමේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාව ගම කිරිඇල්ල පොලිස් වසමේ මාටුවාගල වත්තෙහි උඩ කොටස, කල්මුණේ පොලිස් වසමේ මරුතමුණායි 03 කොටසද හුදෙකලාභවින් ඉවත් කෙරුණා.


ඊට අමතරව මහනුවර පොලිස් වසමේ සුදුහම්පාල බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වලට අයත් විහාර පටුමග, විහාර මාවත, කප්පර පල්ලිය පාර සහ වෙළමැද පාරගම යන ප්‍රදේශද හුදෙකලාභවින් ඉවත් කෙරුණු ප්‍රදේශවලට අයත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ.

nethnews

No comments

Ads Place