Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ වැස්සේ පා ගමනින් පලාත් සංචරණ සීමා පසුකර රැකියාවට යන ජනතාව දුක කියයි…

  දකුණු පළාත සහ බස්නාහිර පළාත් අතර පොදු ප්‍රවාහනයට සංචරණ සීමා පැනවීම හේතුවෙන් බෙන්තොට සිට අලුත්ගම නගරයට පැමිණ කොළඹ ඇතුළු තදාසන්න නගර යන්ට අත...


 දකුණු පළාත සහ බස්නාහිර පළාත් අතර පොදු ප්‍රවාහනයට සංචරණ සීමා පැනවීම හේතුවෙන් බෙන්තොට සිට අලුත්ගම නගරයට පැමිණ කොළඹ ඇතුළු තදාසන්න නගර යන්ට අත්‍යවශ්‍ය රැකියා සඳහා යන දහස් ගණනක් පැවති අධික වර්ෂාවෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන් බව ඔවුහු පැවසීය .

26 දින අලුයම් කාලයේ සිට පෙරවරු 10 පමණ තෙක් දැඩි වර්ෂාවක් පැවති අතර ඒ හේතුවෙන් බෙන්තොට සිට සිට අලුත්ගම දුම්රිය ස්ථානයට හා බස් නැවතුමට පා ගමනින් මහා වැස්සේ තෙමෙමින් කොළඹ රැකියාවල් වලට යාමට සිදු වූ බව ඔවුන් කිහිප දෙනෙක්ම තෙතබරිත වී අදහස් දැක්වූහ.

‘අපිව අපේ ආයතනවලින් සංචරණ සීමා පනවා තිබියදීත් රැකියා සඳහා ගෙන්වන්නේ අවශ්‍යතාවය හේතුවෙන් අපි නීතියට ගරු කරනවා එහෙත් මේ වගේ දුෂ්කර අවස්ථා වලදී දැඩි පීඩනයකට ලක්වෙනව වා .

අපි වගකිවයුත්තන්ගේන් ඉල්ලන්නේ මෙපමණයි දකුණු පළාතේ අම්බලන්ගොඩින්, ඇල්පිටිය ප්‍රදේශවලින් එන පොදු බස් රථ සේවාව බෙන්තොට සීමා නොකර එම බස් සේවාව එතැන් සිට හෝ කාර්යාල රාජකාරි සේවා සඳහා යන පිරිස පොලිසියේ අධීක්ෂණය යටතේ අලුත්ගම නගරයට ගෙනයන වැඩපිළිවෙළක් සිදු කරන්න කියයි.

දකුණෙන් එන බස්රථ බෙන්තොට පළමු පොලිස් මුරපොළ ලඟින් නවතා එම බස් රථ වලින් ආ පිරිස හැමදාම පයින් අලුත් ගමට යනවා ඒ අතර අපිට පේනවා වෙනත් වාහන ඕනෑ තරම් පාලම් දෙකම මතින් අපිව පහු කරගෙන බස්නාහිර පළාතට ඇතුළු වෙනවා.

එසේත් නැතිනම් බෙන්තොට ට එන අත්‍යවශ්‍ය රැකියා සඳහා යන පිරිසට බෙන්තොට සිට අලුත්ගම ට කාර්යාල රාජකාරි පොදු බස් රථයක් උදේ හයත් නවයත් අතර හා සවස 5ත් රාත්‍රී හතත් කාලය තුළ දී පමණක් මේ දුෂ්කරතාවයට මුහුණදෙන අත්‍යවශ්‍ය රැකියා සඳහා යන එන පිරිස් ගැන අනුකම්පා කර හෝ යම් වැඩ පිළිවෙලක් සකසන්න කියා නැවතත් අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා .

අද වගේ වර්ෂාව තියෙන දවස්වලට වැස්සේ තෙමි තෙමි උදේ හවස මේ දුෂ්කර ක්‍රියාවට මුහුණ දෙනවා .

කුඩ ඉහලගෙන බෙන්තොට පාලම් දෙක මැදින් ගමන් කරපු තරුණ ,වැඩිහිටි හා මැදි වී යෙ පි කිහිප දෙනෙකුගේම කුඩ සුළඟටඅ සුවී ඒවායෙ න ණ කැඩී හිස හෝ වර්ෂාවෙන් බේරා ගන්න තිබුණු අවස්ථාව නැති වුණා යයිද කී හ.

මේකත් කියන්නම ඕනේ බස් රථ වලට සංචරණ සීමා පනවලා තිබ්බට බෙන්තොට මුරපොළ අසල බුද්ධ මන්දිරය ආසන්නයේ සිට අලුත්ගම නගරයට ත්‍රීරෝද රථ සේවාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අයත් මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා . එතැන් සිට අලුත්ගමට ත්‍රීවිල් ගාස්තු රුපියල් සීයයි . . අපි මාසෙකට ගන්න තුට්ටු දෙකෙන් කිලෝමීටරයක් දුර අලුත්ගමට එන්න රුපියල් සියයක් ගෙවන්න වත්කමක් කොහොමවත් නෑ . අපි දන්නෑ මේ ත්‍රීවිල් සේවාවලට කවුරු අවසර දුන්නද කියලා .

අපිට ත්‍රීවීල්වල අලුත්ගමට රුපියල් සීයක් දීල දිනපතා එන්න වත් කමක් නැහැ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපතිතුමාට අපි ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය කාර්යාල රාජකාරි සඳහා බෙන්තොට සිට කොළඹට යන ජනතාව ගැන හිතලා බස් රථ සේවාවක් බලධාරීන් සමඟ සාකච්ඡා කර හෝ කරන්න කියා . අලුත්ගම සිට යන බස් සේවාව උදෑසන කාලයට පමණක්වත් බෙන්තොට සිට ක්‍රියාත්මක කරන්නේ නම් අගය කරන බව පැවසීය .

lankacnews

No comments

Ads Place