Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත්ව සිදුකරන රටවල් අතරට ශ්‍රී ලංකාව

  කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත්ව සිදුකරන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ...

 


කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත්ව සිදුකරන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.  


යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වූවා.



අගෝස්තු මාසය අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි සියළු දෙනා එන්නත් කර අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ.


මේ අතර මෙරට පුද්ගලයින් පනස් පන් ලක්‍ෂ 78,909 දෙනෙකු සදහා  මේ වනවිට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.


ඉන් පුද්ගලයින් දහසය ලක්‍ෂ 68,074 දෙනෙකු සදහා එහි දෙවන මාත්‍රාවද ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.


ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 71,674 දෙනෙකු සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ඊයේ ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 10,816 ක්.


මොඩෝනා එන්නත ලබාදීම ඊයේ ආරම්භ කෙරුණු අතර එය ලබාදුන්නේ මධ්‍යම පළාතේ ජනතාව වෙතයි. ඒ අනුව මොඩෝනා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 10,088 දෙනෙකු සදහා ලබාදී තිබෙනවා.


ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 1,713 දෙනෙකු සදහා ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.


මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත , ෆයිසර් , කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද අළුයම දිවයිනට රැගෙන ආවා. ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සදහන් කළේ නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය, කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි. කිලෝග්‍රෑම් 405 ක බරින් යුත් එම එන්නත් තොගය පෙට්ටි 12 ක අසුරා තිබූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ.  

nethnews

No comments

Ads Place