එන්නත් සහ උපකරණ තොගයක් පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (09) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය ...
එන්නත් සහ උපකරණ තොගයක් පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (09) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ " කොවැක්ස් " පහසුකම යටතේ මෙම එන්නත් සහ උපකරණ තොගය එවා තිබෙනවා.
කිලෝ ග්‍රෑම් 14 ක් බරැති , එක් ඇසුරුමක් ලෙස එවා තිබූ මේ තුළ , මිලි ලීටර් 5 බැගින් වූ කොවිෂීල්ඩ් එන්නත් ඇසුරුම් 10 ක් , සිරින්ජර සහ එන්නත් ඉදිකටු තොගයක් ද ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළා.
මෙම එන්නත් තොගය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ QR .- 668 දරන ගුවන් යානයෙන් අද (09) දින අලුයම 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත තිබුණා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම එන්නත් තොගය නිශ්කාශනය කර ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම සදහා රැගෙන ගොස් තිබෙනවා.
nethnews
No comments