Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිරිස්, බී ලූනු, අල සහ කරවල ආනයනය නවත්වයි – දේශීය නිෂ්පාදකයා වෙනුවෙන් තවත් තීන්දුවක්!

  ඉදිරි වසර තුන ඇතුළත මිරිස්, බී ලූනු සහ අල ඇතුළු නිෂ්පාදන රැසක් ආනයනය කිරීම නතර කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. දේශීය ව...

 


ඉදිරි වසර තුන ඇතුළත මිරිස්, බී ලූනු සහ අල ඇතුළු නිෂ්පාදන රැසක් ආනයනය කිරීම නතර කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. දේශීය වශයෙන් මෙම ආහාර භෝග වගා කරන බැවින් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.


ආහාර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බීජ ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන දෙකක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ගණන් බලා ඇත. ඉදිරි වසර තුන ඇතුළත බීජ ආනයනය ද සීයට 90කින් නතර කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා කියා සිටි​යේ.


කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංගම් නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.


මේ අතර විදේශයන්ගෙන් කරවල ආනයනය කිරීම ඉදිරියේ දී නතර කිරීමට කටයුතු කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසනවා. මෙරට ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය කරවල දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා කියයි.


දේශීය කරවල නිෂ්පාදකයන් සමගින් ඊයේ (28) ධීවර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

noizetv

No comments

Ads Place