Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයකින් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

මිරුසුවිල්හි සමූල ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ යුධ හමුදා සාජන් සුනිල් රත්නායක මහතාට ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති ම...


මිරුසුවිල්හි සමූල ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ යුධ හමුදා සාජන් සුනිල් රත්නායක මහතාට ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය  අද දැනුම් දුන්නා .


මෙම සිද්ධියට අදාළව අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට තමා සහභාගි වූ බැවින් මෙම මූලික අයිතිවාසිකම්  පෙත්සම් විභාග කිරීමෙන් වැළැකී සිටින බව විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය  පවසා සිටියා .


ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සැප්තැම්බර් මස 21 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දෙන ලදී .


2000 දී මිරුසුවිල්හිදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායකට 2015 ජුනි මාසයේදී මරණ දඩුවම නියම කරන ලදී . කෙසේවෙතත් ඔහුට පසුව ජනාධිපති සමාව හිමිවූ අතර එම තීරණය අභියෝගයට ලක් කරමින්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සත්කුනනාදන් ඇතුළු පාර්ශවයන් කිහිපයක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන ලදී .


මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙසට නීතිපතිවරයා ,  රත්නායක මුදියන්සලේගේ සුනිල් රත්නායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා , අධිකරණ අමාත්‍යවරයා ,  ජනාධිපති ලේකම් සහ අපරාධ වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පාර්ශවයන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත .

nethnews

No comments

Ads Place