Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවියට.. දුරකතනවලට බාධා…

  භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවි වායුගෝලයට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතර කාලගුණ විශ්ලේශකයින් අදහස් කරන්නේ සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ පි...


 භූ චුම්බක සූර්ය කුණාටුවක් පෘථිවි වායුගෝලයට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතර කාලගුණ විශ්ලේශකයින් අදහස් කරන්නේ සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ පිටත වායුගෝලය රත් විය හැකි අතර එය චන්ද්‍රිකාවලට සෘජුවම බලපාන බවයි.

Spaceweather.com වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට කුණාටුව කිලෝමීටර් මිලියන 1.6 ක වේගයෙන් පෘථිවියට ළඟා වේ. එය සූර්යයාගේ වායුගෝලයෙන් ආරම්භ වී ඇති අතර පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ඇති අභ්‍යවකාශ කලාපයට දැඩ් බලපෑමක් ඇති කරවනු ඇති බවට එම වෙබ් අඩවිය සදහන් කරයි.

මෙමගින් GPS navigation, mobile phone signal, සැටලයිට් ටීවී වලට බාදා ඇතිවිය හැකි අතර විදුලි රැහැන් වල ධාරාවද ඉහල යාමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

මොකක් ද මේ Solar Storm

මේ වසරේ මැයි මාසයේදී රත් වූ ගෑස් ටොන් මිලියන ගණනක් සූර්යයාගේ මතුපිටින් ඉවත් වී සැතපුම් මිලියන 90 ක් පෘථිවිය දෙසට ගමන් කළේය. දැන් එම තාපය පෘතුවි වායුගෝලයට ඇතුලු වෙමින් පවතී. එය වසර ගණනාවක් තිස්සේ දැක ඇති ශක්තිමත්ම භූ චුම්භක කුණාටුවට බව බ්ලූම්බර්ග් වාර්තා කරයි.

1989 මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ ඇතිවූ සූර්ය කුණාටුවක් නිසා පැය නවයක් පුරා ඇනහිටීමක් සිදුවිය. මීට පෙරත් පෘතුවියට දරුණු සූර්ය කුණාටු ඇතුල් වී ඇති අතර ගිණි ගැනීම් පවා ඇති වී ඇත.

lankacnews

No comments

Ads Place