Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට කැදවන කැබිනට් පත‍්‍රිකාවක්…

  සමස්ත රාජ්‍ය සේවයම වැඩ වර්ජන රැල්ලකට යොමු කරන කැබිනට් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධ...

 


සමස්ත රාජ්‍ය සේවයම වැඩ වර්ජන රැල්ලකට යොමු කරන කැබිනට් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

හෙද නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බව සංගමයේ ලේකම් ෂෙනාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අදාළ කැබිනට් පත්‍රිකාව මගින් සමස්ත රාජ්‍ය සේවයම ප්‍රතිව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමේ යෝජනාව අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍යංශය කඩිමුඩියේ කටයුතු සූදානම් කරමින් ඇතැයි තොරතුරු ලැබී ඇතැයිද ඔහු පැවසීය.

අත්තනෝමතික ලෙස ඉදිරිපත් කරන මෙවැනි කැබිනට් පත්‍රිකාවක් හරහා එවන් වෙනස්කම් ඇතිකර රාජ්‍ය සේවය තුළ කැළඹීමක් ඇතිවී සමස්ත රාජ්‍ය සේවයම වැඩවර්ජනයකට යොමුවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවද ලේකම්වරයා තවදුරටත් පෙන්වා දෙයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අගමැති සහ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමුකර ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place