Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනා කෙරේ…

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම පක්ෂ මූලස්ථානයේ දී රැස...

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම පක්ෂ මූලස්ථානයේ දී රැස් වී තිබේ.

පවතින දේශපාලන තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු කළ යුතුද නැද්ද යන්න පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇත.

පවතින තත්ත්වය මත ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතු යයි මධ්‍යම කාරක සභා සාමාජිකයන් පිරිසක් පෙන්වා දී ඇති අතර තවත් පිරිසක් විසින් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවයි.

කුමන තත්ත්වයක් යටතේ වුව ද ඉදිරියේදී පක්ෂය ශක්තිමත් කළ යුතු බවටද තීරණය කර ඇති අතර ඒ සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු වේගවත් කරමින් ජනතාව අතරට පක්ෂය ගෙන යා යුතු බවටද තීරණයක් ගෙන තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙන සිදු කරන ඇතැම් මැති ඇමතිවරුන් සිදු කරන විවේචන පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇත.

lankacnews

No comments

Ads Place