Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටට සෙත්පතා පීකරයකින් පිරිත් දැම්මයි අසල්වැසියා පොල්ලකින් හිමියන්ට පහර දෙයි…

  ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා විකාශය කළේ එයයි කෝපයට පත් පුද්ගලයකු විසින් විහාරස්ථානයක හිමිනමකට පොල්ලකින් සහ අතින් පයින් ප...

 


ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා විකාශය කළේ එයයි කෝපයට පත් පුද්ගලයකු විසින් විහාරස්ථානයක හිමිනමකට පොල්ලකින් සහ අතින් පයින් පහර දී ඇතැයි වාර්තා වේ.

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ඇල්පිටිය, වල්අඹගල, බෙරලියමගලාන, සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසි හිමි නමක් බවයි.

ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඇල්පිටිය රෝහලට ඇතුළත් වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පවතින වසංගත තත්වය හේතුවෙන් රටටත් ජනතාවටත් සෙත්පතා දිනපතා උදේ හවස ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනාව විසුරුවා හරිමින් සිටින බවත් එය නවතා දමන ලෙස සැකකරු විසින් කිහිප විටකදීම තර්ජනය කරන ලද බවත් හිමියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

තුවාල ලද හිමියන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල පවසයි. පහරදුන් සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

lankacnews

No comments

Ads Place