Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරොධතා දරාගත නොහැකිව අැරඹු සැනින් තේ බොන්න නවත්වයි…

  රටේ පවතින තෙල් මිල වැඩිවිම, පොහොර හිගය, ඔන්ලයින් අධයාපන විෂමතා ‍වලට විරොධය පා දඹුල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මංත්‍රි වරුන් හා ව...


 රටේ පවතින තෙල් මිල වැඩිවිම, පොහොර හිගය, ඔන්ලයින් අධයාපන විෂමතා ‍වලට විරොධය පා දඹුල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මංත්‍රි වරුන් හා වරියන් 01 දා විරෝධතාවයක නිරත විය. ඒ කළුපාට සාටක පැළද ගෙනය.

සභාව ආරම්භයට පෙර මංත්‍රිවරුන් හා මංත්‍රි වරියන් පාපැදිවල තිරක්කලයක නැගි ප්‍රාදේශිය සභාව වෙත පැමිණි අතර විනාඩි කීපයක් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරොධතාවයක නිරත විය.

මේ මොහොතේ දඹුල්ල ප්‍රාදේශිය සභාවේ ආණ්ඩුපක්ෂයේ (පොදුජන එක්සත් පෙරමුණු) මංත්‍රි වරුන් “කොස්කොල මාලයක්” හා “කොස්කොල මිටියක්” ලබාදෙමින් විපක්ෂ මංත්‍රිවරුන් පිළිගන්න කටයුතු කර තිබුණි.

සභාව ආරම්භවය පෙර විපක්ෂය නියොජනය කරණ එජාප මංත්‍රින් කලුපාට සාටකයක් බෙල්ලේ දාගෙන විපක්ෂ නායක සමන් මොරේමඩ මහතා සමග සභාවේ අසුන් ගත්හ. අණතුරුව ආණ්ඩු පක්ෂ මංත්‍රින් පැමිණ අසුන් ගත්හ.

සභාව ආරම්භයට පෙර සිටම මංත්‍රිවරු දෙපස බෙදි විවාද කල අතර ආණ්ඩු පක්ෂය පොහොර දී ඇති බවත් රට සංවර්ධනය කරන්න කෑප විය යුතු බවත් පවසමින් විපක්ෂ මංත්‍රින්ට විරොධය පෑමට කටයුතු කලේය..

දඹුල්ල ප්‍රාදේශිය සබාවේ සභාපති කේ ජි සෝමතිලක මහතා මුලසුනට පැමිණිමින් පසු සියලු දෙනා ආගම සිහිකර සභාවේ වැඩ ආරම්භ කොට පසුගිය සභාවාර්තාව සභා සම්මත කරගත්තේය. ඒ සත්‍ය වාර්තාවක් බවට සභාපති කල යොජනාව උපසභාපතිවරයා ස්ථිර කිරිමෙනි.

ඉන් අනතුරුව නැගි සිටි විපක්ෂ නායක සමන් මොර්මඩ මහතා රටේ වත්මනේ උද්ගතව ඇති අර්බුදයන්ට සභාවක් විදියට කඩිනම් ‍ විසදුම් දීය යුතු බවට යොජනාවක් ගෙන ආ අතර ඒයට ආණ්ඩු පක්ෂය නම්‍යශීලි නොවිමත් සමග විපක්ෂය විරොධතා පුවරු පෙන්වමින් ආණ්ඩුවේ පොහොර සහනාධාරය හිතවතුන්ට පමණක් බවත් මැති ඇමැතිවරු පුටු උඩ දරුවන් ගස් උඩ ආදිපුවරු ප්‍රදර්ශනය කමින් විරොධතා දක්වන්ට විය.

මෙම විරොධතාවයට ආණුඩුපක්ෂයේ මංත්‍රින් කීපදෙනෙකු පමණක් සෘජුවම විෙරා්ධය දක්වන්ට වු අතර සභාපති වරයා ආණ්ඩු පක්ෂ මංත්‍රින්ට නිහඩ වන ලෙස පැවසුවද ආණ්ඩු පක්ෂ මංත්‍රින් විරුද්ද පක්ෂයේ මංත්‍රින් අභිභවා දෙපසට විරොධතා දැක්වීය. විනාඩ් 15ක් පමණ බලා සිටි දඹුල්ල ප්‍රාදේහිය සභාවේ සභාපති වරයා පැවසුවේ සභාව තේ පානය සදහා නවත්වන බවයි.

සභාව තේ පානයට නවත්වා ඇති විටත් මද වෙලාවක් වික්ෂ මංත්‍රින්ගේ විරොධයට විරොධය පාමින් ආණ්ඩු පක්ෂ මංත්‍රින් විවිධ දේ කියමින් කරමින් සිට තේ පානයට ගිය අතර විරුද්ධ පක්ෂය නියෝජනය කල එක්සත් ජාතික පක්ෂ මංත්‍රින් හා ජනතා විමුක්ති පෙරමුණු මංත්‍රිවරයා තේ පානයට නොගොස් සභාව තුලම රැදි සිටියේය.

උප සභාපතිවරයාද මංත්‍රින් හා ප්‍රාදේශිය සභා සේවකයින්ද පැමිණ තේ පානයට විපක්ෂ මංත්‍රින්ට ආරාධනා කලද නොපැමිණ සිටි අතර තේපානයෙන් පසු සභාව රැස්වු වහාම විපක්ෂ නායක වරයා නැගිට ජනතා ගැටලු ඉදිරිපත් කීරීමේදි ජනතා නියොජිතයින් ලෙසින් සභාව එය නොසලකා හැරිමට විරොධය පාමින් මෙතැන් සිට අද දිනට සභාව වර්ජනය කරණ බවත් විපක්ෂයේ සියලු මංත්‍රිවරුන් වරියන් සභාවෙන් එළියට පැමිණියේය.

සභාවේ රැදි සිටින ලෙස ආණ්ඩු පක්ෂ මංත්‍රින් පැවසුවද කිසිවෙකු එය නොසලකා සභාව වර්ජනය කරන්න කටයුතු කරතිබුනේ සියලු දෙනා එකතු වීමෙනි.

මේ විරොධතාවය පිළිබදව අදහස් දැක්වු සභාපතිවරයා පැවසුවේ ප්‍රජාතංත්‍රවාදි රාමුව තුල විපක්ෂයට තම මතය දැක්වීමට හැකි බවත් මෙම සභාව විනය ගරුකව අඛණ්ඩව වසර 27ක් සභාපති ලෙසින් පවත්වාගෙන ආ බවත් ඉදිරියටත් එසේ සිදු කරණ බවත් සභාව ඇතුලට කොල පොස්ටර් ගෙන යෑම තහනම් බවත්ය. එසේ කරීම නොසුදුසු බවත්ය..

lankacnews

No comments

Ads Place