රසායනික පොහොර ආනයනය වෙනුවෙන් වෙන් කරන මුදල් ගොවියන් අතර බෙදාදීමට කටයුතු කරන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. ශ්...
රසායනික පොහොර ආනයනය වෙනුවෙන් වෙන් කරන මුදල් ගොවියන් අතර බෙදාදීමට කටයුතු කරන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (7දා) එක්වෙමින් සී.බී. රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.
හෙතෙම මෙසේද කීය.
“ඉතිහාසය ගත්තාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රටේ අභිවෘද්ධිය සහ අනන්‍යතාව රැකගන්න කටයුතු කළ ආකාරය ගැන අපි අහලා තියෙනවා. එතුමිය බලයට ආවට පස්සේ අපිටම ඛනිජ තෙල් හදන තැනක් බවට පරිවර්තනය කරන්න, අපේ නැවක්, ගුවන් යානයක් සිංහ කොඩියක් එක්ක ලෝකෙ වටේ යවන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා. කඩිනම් ආහාර නිෂ්පාදනය මේ රට තුළ නිෂ්පාදනය කරන්න කටයුතු කරද්දි එහි ප්‍රතිඵලයක් හැටියට එදා වාසිය විපක්ෂයට ගන්න පුළුවන් වුණා. අපිට මේ කොරෝනා පැමිණීමත් එක්ක රට වහන්න කියලා කෑගැහුවා. රට වැහුවාම රට අරින්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. අපේ රටේ විශාල මුදලක් වැය කරමින් එන්නත්කරණයට, පී.සී.ආර්. කරන්න, නිරෝධායනය කරන්න කටයුතු කරනවා. තමන්ගේ ජීවිතය පවා නොහිතා වැඩ කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අය ඉන්නවා. අපේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් රෝගීන් ඇපයට තියලා කටයුතු කරනවාද කියලා හිතෙනවා.
රසායනික පොහොර දාලා ඒ අස්වැන්න දෙගුණ, තෙගුණ කරන්න සූදානම් වෙනකොට මහ පොළොවේ නයිට්‍රජන් ප්‍රමාණය නැති වෙනවා. මේ අවස්ථාවේදී ගොවියා දැනුවත් කරන්න අවශ්‍යයි. මේ නිසා ග්‍රාමීය ජනතාවට, රටේ දරුවන්ට විවිධ රෝගකාරක හැදෙනවා. මේ තත්ත්වය පැහැදිලි කරන අවස්ථාවේදී අනුර කුමාර දිසානායක, කාබනික පොහොර ලබා දිය යුතුයි කියන තැන සිටියේ. මේ රටේ රසායනික පොහොර සහ බෙහෙත් ගේන තුන් හතර දෙනාට බිල්ලක් වෙනවාද ඔවුන්ගේ ඒකාධිකාරියට අපි යටවෙනවාද කියන එක තැන ඉඳලා කටයුතු සලසා දිය යුතු වෙනවා. අපි මේ කන්නේදී අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. රසායනික පොහොර ගේන්න තිබෙන මුදල් ගොවියන් අතර බෙදා දීලා ඒ ගොවීන්ගේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසලා දෙන්න ඕන. දැව සංස්ථාව, සත්ත්ව උද්‍යානය කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අවශ්‍ය මෙවලම් ගෙනල්ලා අවශ්‍ය කටයුතු කරලා රටේ ජනතාවට අවශ්‍යතාව සඳහා මෙය ක්‍රියාත්මක කරන්න ඕන.”
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන
“මේ දවස්වල කියන්නේ අපි කරන ඒවා fail කියනවා. අවුරුදු ගාණක් තිබ්බ යුද්ධය අවසන් කළා හා ත්‍රස්තවාදයත් එක්ක අපි සංවර්ධන රැසක් සිදු කළා. 2015 අපි උදා කළ සාමය නැති කරලා, 7.2 ආර්ථිකය 2 ගාණට බැස්සුවා. සාමය නැති කරලා රට විනාශ කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට භාර දුන්නේ. අපි කඩා වැටුණු ආර්ථිකයත් භාරගෙන තමයි කොරෝනා වසංගතයට මුහුණ දෙන්න වුණේ. එහෙම ආර්ථිකයක් තිබ්බ රටක අපි ග්‍රාමීය පාරවල්, ප්‍රධාන පාරවල් කපට් කරලා සංවර්ධන කටයුතු සිදු කළා. ඒවා කිසිදෙයක් නොකර අපි Fail කියලා උද්ඝෝෂණ කරනවා. මේක කනගාටුදායකයි. මේවා පරාජිත වෙච්ච අය සංවිධානාත්මකව කරන්නේ.
අද විපක්ෂයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන එක. එතුමා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය නිර්මාණය කළේ. අපේ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු බහුතරයක් ලබාගන්න සියලු දේ සංවිධානය කළේ එතුමායි. මේක හදපු මනුෂ්‍යයාට පාර්ලිමේන්තුවට එන එක නුසුදුසුයි කියනවා. එදා යුද්ධය කරද්දි සියලු යටිතල පහසුකම් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා. මේ තුන් කට්ටුව එන එකට බයයි අද විපක්ෂය. ඔවුන් තුන්දෙනා විශාල වෙනසක් රටට සිදු කරයි.”
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
“බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට පැමිණලා ඒ දිවුරම ලබාදීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකසා අවසන්. කථානායකතුමා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්තුමා ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගත් බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා හෙට දින පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රිවරයෙක් හැටියටත් දිවුරුම් දී අපේ වැඩපිළිවෙළට සහ රජයට ප්‍රබල අමාත්‍යවරයකු ලෙස පැමිණෙයි. බැසිල් රාජපක්ෂ කියන දේශපාලන චරිතය මේ දිනවල අපිට පේනවා විපක්ෂය භූමිතෙල් ගහපු ගැර¾ඩි ලෙස එතුමා එන එකට බය වෙලා නොයෙක් චෝදනා කරනවා. විපක්ෂයට කියන්න තියෙන්නේ නිහඬව බලාගෙන ඉන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වුණේ 2019 නොවැම්බර් මාසයේ. තාම ජනාධිපති ධුර කාලය අවුරුද්දයි මාස 07ක කාලයයි. ඒ වගේම 2/3 පාර්ලිමේන්තු බහුතරයක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවලා අගෝස්තු මාසයේ 05 වැනිදාට අවුරුද්දක් පිරෙන්නේ. අපි 2005 ආණ්ඩුව ලබා ගත්තා. ඒ රජය ලබාගැනීමේ පිටුපස දැවැන්ත බලයක් වුණේ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා. ලෝකයේ ප්‍රබල රටවල් යුරෝපයේ රටවල් සහ ඇමෙරිකාව අපේ රටට බලපෑම් කළා යුද්ධයකට යන්න එපා කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂ ලේකම්තුමා එදා තීන්දුවක් ගත්තා යුද්ධය ජයගන්නවා කියලා. එවැනි අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහතා තමයි ඒ අවුරුදු 10 තුළ ආර්ථිකය මෙහෙයවීමේ වගකීම සිදු කළේ. යුද්ධය අවසන් වූ පසු උතුරු වසන්තය, නැඟෙනහිර නවෝද්‍ය, විදුලි බලය නැති අයට විදුලි බුබුළක් ලබාදීම, දුම්රිය මාර්ග මේ සියල්ලම හදලා දෙන්න මූලිකත්වය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඔහු සැබෑ දක්ෂයෙක්. ඒ නිසායි විපක්ෂය කෑ ගහන්නේ.
ඒ අය අවුරුදු 05ක් රට පාලනය කරලා මොනවද කළේ. අපි දැක්කා ජනාධිපතිවරයා අගමැතිතුමා දෙපැත්තට ගිහිල්ලා මුළු රටම විනාශ කරන තත්ත්වයකට පත් වුණා. අපිට ආණ්ඩුව ගන්නකොට කොරෝනා වසංගතය පැමිණියේ. අපි එයට මුහුණ දෙනවා. මේ අවස්ථාවේ ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ මහතාට, බැසිල් රාජපක්ෂ මහතා විශාල ශක්තියක් අමාත්‍යවරයෙක් හැටියට මේ ආණ්ඩුවට එකතුවීම.
අපිට මේ වන විට එන්නත්කරණයේදී මිලියන 6.5ක් එන්නත් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ වනවිට බස්නාහිර පළාතේ එන්නත්කරණය අවුරුදු 30ට වැඩි සියලුම අයට ලබා දෙන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනකොට අපිට පේනවා සමහර වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් දිනා ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ලෝකය ගිනි ගන්න වෙලාවක්. මේ අවස්ථාවේ දේශපාලන අරමුණු ඉස්සරහට දාලා මේ තුළින් ආණ්ඩුව විරෝධී රැල්ලක් ඇති කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා ත්‍රිවිධ හමුදාව මැදිහත් වෙලා සියලු දෙනාට එන්නත් ලබා දෙන්න කටයුතු කරනවා.
noizetv
No comments