Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ නාගරික සීමාවේ ඩෙල්ටා අවදානම වැඩි ප්‍රදේශ මෙන්න!

  මේ දක්වා කොළඹ නගරය තුළ කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 15 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ...

 


මේ දක්වා කොළඹ නගරය තුළ කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 15 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (ජූලි 19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


ඒ අනුව, කොළඹ නගරයේ දෙමටගොඩ – ආරාමය පෙදෙසෙන් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු, දෙමටගොඩ – ඇල්බියන් පාරෙන් ආසාදිතයින් 3 දෙනෙකු, කොළඹ 2 ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමකින් ආසාදිතයින් 2 දෙනෙකු සහ ඛෙත්තාරාමය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමකින් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව රුවන් විජයමුණි මහතා පැවසීය.


ඒ මහතා සඳහන් කළේ, අදාළ ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර ඇති බවත් ජානමය විශ්ලේෂණ කටයුතු සඳහා අවශ්‍ය සාම්පල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවත් ය.


තවමත් ඩෙල්ටා ප්‍රභේදයේ විශාල පැතිරීමක් දක්නට නොලැබුණ ද රෝගීන් වාර්තා වන හෙයින් ඩෙල්ටා ආසාදිතයින් තවත් සමාජයේ සිටිය හැකි බවට රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ය.


ඒ හේතුවෙන්, විශේෂ අවසරයක් ලබා ගෙන ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් වාර්තා වුණු දෙමටගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන් බව ඒ මහතා පැවසීය.


මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසදිතයින්ගෙන් 30%ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් යැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අද පැවති මාධ්‍ය හමුවේදී කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතාගෙන් ප්‍රශ්න කළේ ය.


එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ,


“එක ප්‍රදේශයක සුළු නියැදියක තමයි ඔය කියන 30%ක් වගේ. විශේෂයෙන් ම, අපි දකින්නේ දෙමටගොඩ ප්‍රදේශයේ ආරාමය, ඒ වගේ ම ඇල්බියන් පෙදෙස කියන ප්‍රදේශවල තමයි ඔය 30% වැඩි ප්‍රමාණයක් අපි කියන්නේ. නමුත් සමස්තයක් හැටියට මුළු කොළඹින් ම හමුවෙන්නා වූ ආසදිතයින්ගෙන් 30%ක් කියන නිගමනයට එන්නට ඒ නියැදිය ප්‍රමාණවත් නැති බව මම කියන්නට ඕනේ.”  


මේ වන විට කොළඹ නගරය ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 38 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

noizetv

No comments

Ads Place