Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුව රහස්

  ගෙල ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම මඟ හරවා ගැනීමට බොහෝ කාන්තාවන් තම රූ සපුව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මුහුණ ප්‍රදේශය පිළිබඳව පමණක් සැලකිලිමත්...

 


ගෙල ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම මඟ හරවා ගැනීමට

බොහෝ කාන්තාවන් තම රූ සපුව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මුහුණ ප්‍රදේශය පිළිබඳව පමණක් සැලකිලිමත් වන අතර ගෙල ප්‍රදේශයේ පවතින අවපැහැ ගැන්වීම පිළිබඳ අවධානය යොමු නොකරයි. එහිදී මුහුණ ට මෙන්ම ගෙල ප්‍රදේශයට ද සිදු කළ හැකි ස්වභාවික සත්කාර කිහිපයක් හඳුනා ගනිමු.

ඕට්ස් සත්කාරය

කිරි තේ හැඳි 1 ක් , ඕට්ස් තේ හැඳි 1 ක් සහ මී පැණි බින්දු කිහිපයක් එකට මිශ්‍ර කර ජල බින්දු කිහිපයක්ද එක්කර ගැනීමෙන් අනතුරුව හොඳින් කවලම් කර ගෙල ප්‍රදේශයෙහි මෘදුව ගා පිරිමැද ගන්න. විනාඩි 20 ක් පමණ කාලයකට පසු හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

එළකිරි

එළකිරි යනු ප්‍රබල පිරිසුදු කාරකයකි. මෙහිදී සිදු කළ යුත්තේ ගෙල ප්‍රදේශයෙහි නැවුම් එළකිරි ස්වල්පයක් ගෙන හොඳින් ආලේප කර විනාඩි 20 කට පසු හොඳින් සෝදා හැරීම පමණි.

මේ ආකාරයට සොබා දහමෙන් ලැබෙන මෙවන් අමුද්‍රව්‍ය භාවිතා කර ගනිමින් ඔබේ රූපලාවණ්‍ය කටයුතු සිදුකර ගැනීමට පුළුවන. කාර්යබහුල ජීවිතයක් සහ වෙහෙසකාරී වාතාවරණයක් තුළ මෙවැනි ස්වාභාවික සත්කාර සහ ස්වභාවික ක්ෂණික විසඳුම් අත්විඳීමෙන් රූ සපුව ඔබට අලංකාරව පවත්වාගෙන යා හැකිය.

No comments

Ads Place