Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොතලාවල පනතේ සැගවුනු අවදානමක් ගැන අනාවරණයක්

  මතභේදයට තුඩුදී ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ නොවූ කරුණු කිහිපයක් පවතින බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්...

 


මතභේදයට තුඩුදී ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ නොවූ කරුණු කිහිපයක් පවතින බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියාමනයන්ට යටත් නොවී සිසුන් බඳවා ගැනීමේ හැකියාව මෙම පනත මගින් පිහිටුවන පාලක මණ්ඩලයකට පවරා ඇති බවයි.


මේ හරහා අවම සුදුසුකම් ඇති සිසුන් බඳවා ගත යුතු බවට දක්වා ඇතත් එය එසේ කළ යුතු බවට හෝ එසේ සිදුවී ඇත්දැයි නියාමනයක් සිදු නොවීමේ අවදානමක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය.


වෛද්‍ය ශිෂ්‍යයෙකු වීමට සපුරා ලිය යුතු අවම සුදුසුකම පමණක් වුවද සම්පූර්ණ කරන අයෙකුට මෙම පනත හරහා කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුළත් වී උපාධිය සම්පූර්ණ කිරිමට අවස්ථාවක් විවෘත වීම ඉදිරියේදී වෛද්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කරනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේදී කොතලාවල විශ්ව විද්‍යාලය මීට පෙර පැවැති තත්ත්වය හා ගෙන ඒමට නියමිත පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා.


ආන්දෝලනයට තුඩු දි ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සම්මත කිරීම පසුවට කල් දැමුණා.

nethnews

No comments

Ads Place