Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රසායනික පොහොර ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්…

  කිසිසේත්ම කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොතබන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. රසායනික පොහොර ආනයනය කිරීමට ර...

 


කිසිසේත්ම කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොතබන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රසායනික පොහොර ආනයනය කිරීමට රජය සූදානම් වන්නේ පලවු වාර්තා සම්බන්ධයෙන් පතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මුදල් මේ බව සඳහන් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රජය රසායනික පොහොර ආනයනය කිරීමට යන බවට පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙනි

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් බව කියමින්, රසායනික පොහොර ආනයනය කිරීමට රජය සුදානම් බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැත.

මෙම ප්‍රචාරය, රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට දරන ප්‍රයත්නයකි. එයට කිසිසේත්ම ඉඩ නොතබන බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වකුගඩු ආබාධ, පිලිකා ආදී මාරාන්තික රෝග රැසකට හේතු වන රසායනික පොහොර භාවිතය ඉවත් කිරීමට රජය ගෙන යන මානුෂිය ක්‍රියාමාර්ගයට අකුල් හෙලීම සඳහා ගෙන යන මෙම මඩ ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසි ලැබූ පාර්ශවයන්ගේ කුඨ ව්‍යාපෘතියකි.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමට අදාළ පියවර ගනිමින් සිටින මේ අවස්ථාවේ එම අරමුණ විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව පෙන්වා දෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදාකරමින් ඔවුන් බලාපොරොත්තු ඉටු කිරීම සිය අපේක්ෂාව බව සඳහන් කරයි.

මෙවැනි මඩ ප්‍රචාරවලින් සිදු වන්නේ රටට සේවය කිරීමේ සිය අධිෂ්ටානය තව දුරටත් ශක්තිමත් වන බවද මුදල් අමාත්‍යතුමා අවධාරණය කරයි

lankacnews

No comments

Ads Place