Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්ගේ උදයගේ ඇමති ධුරවල තවත් කෑලි ගලවයි…

  කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින ප...


 කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් ඉවත් කරන ලද එම විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් නිර්මාණය කිරීමට යොදාගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලැබීමෙන් පසුව රටේ ඉදිරි සංවර්ධනය සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීමට මෙම නව කැබිනට් සංශෝධනය සිදු කිරීමට යොමු වී ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟ වී ඇති ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු ඇමතිධූර ඉදිරියේදී ලබා දීමට මෙහිදී රජයේ අවධානය යොමුව ඇත.

එමෙන්ම එම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, පොලීසිය, කම්කරු හා අධ්‍යාපන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු වනු ඇති බව ද සඳහන්ය.

තරුණ ඇමැතිවරුන් ද අමාත්‍ය මණ්ඩලයට එක් වනු ඇතැයි ද තවදුරටත් වාර්තා කර තිබේ.

lankacnews

No comments

Ads Place