Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකාව කොරෝනා එන්නත් කරණයෙන් ලෝකයේ ඉතාම සාර්ථක රටක්…

  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව අමාත්‍ය නාමල් රාජපක...

 


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවත්විණි.

‍මීළග වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

කෝවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ වගේම ලෝකයේත් සංචාරක ව්‍යාපාරය යම් පසුබෑමකට ලක් වුණා.

එන්නත්කරණ ක්‍රියාවලිය සමඟ නැවත වතාවක් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.

ලෝකයේ රටවල් අතරින් ඉතාම සාර්ථකව එන්නත්කරණය ක්‍රියාත්මක වන රටක් විදියට ශ්‍රී ලංකාව මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයටත් එන්නත්කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා.

ඉදිරි කාලසීමාව තුළ ගුවන්තොටුපොල විවෘත  කර රටට සංචාරකයන් ගෙන්වාගෙන අපිට අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට හිමිකරදීමට කටයුතු කරනවා.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ ලක්ෂ 30 කට අධික තරුණ පිරිසට නැවත ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව කරගෙන යාමේ අවස්ථාව අපි උදා කරලා දෙනවා.

ඔවුන්ගේ අහිමි වූ ආදායම් නැවත ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා.

ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ගලා ආ විශාල විදේශ විනිමය ප්‍රමාණය නැවත අප රටට ගලා එන බවට අපි විශ්වාස කරනවා.

අද අපි සාකච්ඡා කළා නව තාක්ෂණයත් එක්ක ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව අපේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න.

ඒ අනුව මේ ගුවන්තොටුපොල හරහා ගමන් කරන මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීම, කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩි දුරටත් අපි සාකච්ඡා කළා.

මීළග වසර 03 ඇතුලත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට අපේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොලත්  එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගුවන්තොටුපොල හරහා භාණ්ඩ හුවමාරුවේදී එම ක්‍රමවේදයන් තාක්ෂණය සමග මුසු කර ඉදිරියට ගෙන යාමේ ක්‍රියාපිළිවෙත අපි කඩිනමින් ආරම්භ කරනවා.

මේ සියල්ල සමග දකුණු ආසියානු රටවල ගුවන්තොටුපොල අතුරින් තාක්ෂණයෙන් ඉහළම හා දියුණුම ගුවන්තොටුපොල බවට පත් කරන්න අපි කටයුතු කරනවා.

ලංකාව සංචාරක ව්‍යාපාරය හරහා විදේශ විනිමය විශාල වශයෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙන රටක් විදියටත්, දකුණු ආසියාවේ භාණ්ඩ හා සේවා හුවමාරුවේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ බලාපොරොත්තුවත් සමග වැඩ කටයුතු කිරීමේදී නව තාක්ෂණය සමග බද්ධ කිරීමේ අවශ්‍යතාවය හා වටිනාකම අපි අවබෝධ කරගෙන ඉදිරි කටයුතු කරගෙන යනවා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

සෞඛ්‍ය අංශ සමග එක්ව දිවයින පුරා විසිරී සිටින පෙර පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ  කටයුතු ආරම්භ කරනවා. වෘත්තීය සමිති මර්දනය කිරීම සම්බන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව කිසිම ආකාරයකින් වෘත්තීය සමිති මර්දනය කිරීමක් සිදු නොකරන බවත් එවැනි මර්දනය කිරීමක් කිසිසේත්ම අනුමත  කිරීමක් හෝ නොකරන බවත් ය.මෙවැනි කටයුතු නිසා හතරවෙනි කොරෝනා රැල්ලක් ඇති කිරීම රටේ ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. තුන්වෙනි කොරෝනා රැල්ලක් ඇතිවීම නිසා අපි බොහෝ ගැටලුවලට මුහුණ දුන්න බව සියලුදෙනාම දන්නවා. ඒ නිසා ආණ්ඩුවත් රටේ ජනතාවත් කොරෝනා හතරවෙනි රැල්ලකට කිසිසේත්ම සූදානමක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ මේ රටේ ආර්ථික රැල්ලක් ඇති කිරීම විනා නිෂ්ඵල ජන ඒකරාශී කිරිම් හා උද්ඝෝෂණ මගින් කොරෝනා රැල්ලක් ඇති කිරීම නොවේ.තෙල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් ඇති වී තිබේ ද යන්න සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ කිසිම හේතුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කිසිදු  බෙදීමක් ඇති වී නොමැති බවයි. ආණ්ඩුවක දක්ෂතාවය වන්නේ සියලුදෙනාගේ අදහස් හුවමාරුව තුළින් ඉතා හොඳ තීරණ ගැනීමයි.රජයේ කිසිම අස්ථාවරත්වයක් නැහැ. අපේ ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් තියෙනවා . ඒ වගේම ඉදිරි කාලය තුළත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තුළ විවිධ අදහස් විවිධ අය ඉදිරිපත් කරනවා. ඒක ආණ්ඩුවේ සමස්ත මතයවත් ප්‍රතිපත්තියවත් නොවේ.ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.ඉදිරි කාල සීමාව තුළදී ලංකාව නියෝජනය කළ  අර්ජුන රණතුංග මහතා ඇතුළු සියලුම නායකයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම ක්‍රිකට් ග්‍රාමීය මට්ටමෙන් සහ පාසල් මට්ටමෙන් දියුණු කරන්නේ කොහොමද කියලා ඔවුන්ගේ අවධානය ඒ සඳහා යොමු කරන්නත්  බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය, තේරීම් කාරක සභාව  සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපට හොඳ සැලැස්මක් තිබෙනවා එම සැලැස්මට අනුව ඉදිරියේදී ජයග්‍රහණවලට යන්න පුළුවන් බව විශ්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය වන ඩී.වී. චානක යන මහත්වරුන් ද ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති ආර්.සූරියආරච්චි,  අධ්‍යක්ෂ (මෙහෙයුම්) ශෙහාන් සුමනසේකර, අධ්‍යක්ෂ  ඩී. ද සිල්වා, ඒ වරුෂහේන්නදගේ, සමාජික එස්.එම්.ඒ.යූ. මංචනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

– මාධ්‍ය ඒකකය

lankacnews

No comments

Ads Place