Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බගවන්තලාව ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවේ…

  මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට ...

 


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන මහඑලිය රක්ෂිතයට ඇද හැලුණ අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ ජල ධාරිතාව ඉහල ගොස් කෙසෙල්ගමුඔය පිටා ගැලු බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

පහත්බිම් රැසක් ජලයෙන් යට විම නිසා එම පහත්බිම් හරහා බගවන්තලාව ප්‍රදේශයේ වතු කිහිපයකට පිවිසෙන මාර්ගද ජලයෙන් යට වි ඇත.

මේ අතර නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇත.

පවතින වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක්ද , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

lankacnews

No comments

Ads Place