Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරිය මිය යෑම ගැන කඩිනමින් පියවර!

 රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක...


 රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.


ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


එම 16 හැවිරිදි දැරිය නොකඩවා ලිංගික අතවරයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන බවත් පොලීසිය ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.


පොලිසිය දැන් ඒ දැරියගේ නිවසවලටද ගොස් ඇති බව පැවසූ ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවත් පැවසුවේය.


මේ දැරිය පිලිස්සීමෙන් රෝහල් ගතකර දින දෙකකට පසු මියගොස් ඇති හෙයින් තමා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමති යැයිද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

noizetv

No comments

Ads Place