Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තැබෑරුම් කොරෝනා පොකුරක්..

  මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක , මත්පැන් අලෙවිසැලක සේවකයින් දෙදෙනෙකුට ...

 


මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක , මත්පැන් අලෙවිසැලක සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ඉන්ධන පිරවුම්හල, මත්පැන් අලෙවිසැල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව නොර්වුඩ් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

නොර්වුඩ් ප්‍රදේශයෙන් කොවිඩ් මරණ දෙකක් වාර්තා විමත් සමග සිදු කරන ලද අහඹු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

තාවකාලිකව වසා දැමු ඉන්ධන පිරවුම්හලේ , මත්පැන් අලෙවිසැලේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවකයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත්,එම ඉන්ධන පිරවුම්හල , මත්පැන් අලෙවිසැල විෂබිජහරණය කර වෙනත් සේවකයින් යොදවා විවෘත කිරිමට උපදෙස් ලබාදුන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

එම අසාදිතයන් දෙදෙනාට අමතරව නොර්වුඩ් ජනපදයෙන් ,නොර්වුඩ් නගරයෙන් , නොර්වුඩ් අයර්බි සහ පොට්රි යන වතු වලින් අසාදිතයන් 10 දෙනෙකු හමු වු බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

lankacnews

No comments

Ads Place