Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් චෝදනාවක්!

 සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සායන කටයුතු සදහ...


 සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සායන කටයුතු සදහා රෝහල් වෙත පැමිණි රෝගීන් ද අපහසුතාවට පත් වූ බවයි වාර්තා වන්නේ.


සායනවලට පැමිණි ජනතාව සදහන් කළේ මෙරට රජයේ සෞඛ්‍ය සේවය පහත් තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් රෝගීන් බිල්ලට දී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ මෙම වර්ජනයට මෙතෙක් විසදුමක් ලබාදී නොමැති බවයි අතුරු වෛද්‍ය  සේවා ඒකාබද්ධ පෙරමුණ පැවසුවේ.


මේ අතර ගිලන් රථ රියදුරන්ද අද පෙරවරුවේ පැය 4 ක කාලයක් සිය රාජකාරීවලින් ඉවත් වුණා. සිය සාමාජිකයින්ගේ ඉල්ලීම්වලටද බලධාරීන් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් අද පෙරවරුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළ බවයි සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත සිල්වා පැවසුවේ.


කෙසේවෙතත් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ  පැවසුවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රාජකාරී කළ පිරිස් වැඩවර්ජන සදහා යොමු කිරීමට පොළඹවනු ලබන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවයි.

noizetv

No comments

Ads Place