Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනී කනත්තක ඔන් ලයින් අකුරු කරන පාසල් ළමුන්

අධ්‍යාපනය වෙනුනේ දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ අමු සොහොනක ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හදාරන දරු පිරිසක් පිළිබද පුවතක් මාතලේ - නාඋල, මේල්පිටිය ගම්...


අධ්‍යාපනය වෙනුනේ දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ අමු සොහොනක ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හදාරන දරු පිරිසක් පිළිබද පුවතක් මාතලේ - නාඋල, මේල්පිටිය ගම්මානයෙන් වාර්තා වනවා.


මිය ගිය පුද්ගලයින්ගේ මිනි වලවල් මත සිට මේ දරු පිරිස සිය අධ්‍යාපන කටයුතු මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ සිදුකරනු ලබන්නේ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වැසීම හේතුවෙන්.


නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨෘශයට අයත් මේල්පිටිය ගම්මානයේ සහ අවට ගම්මානවල පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල දරුවන් දහසකට ආසන්න පිරිසක් දිනපතා දුරකතන සංඥා නොමැති කමින් බැට කන බව ගම්මානවල දෙමව්පියෝ පවසනවා.


පවත්නා ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලිම සදහා අප මේල්පිටිය පොදු සුසාන භූමියට ඊයේ (05) ගමන් කරන විටද පාසල් දරුවන් එහි අධ්‍යාපන කටයුතු වල නිරතවී සිටියා.


වසර ගනනාවක සිට දුරකතන සංඥා නොමැතිකමින් බැටකන මේල්පිටිය ගම්වාසින් මාධ්‍ය හමුවේ කියාසිටියේ ඔන් ලයින් අධ්‍යාපනය සදහා සංඥා සොයා  ගිය මවකට සහ කුඩා දරුවෙකුට රාත්‍රියේ පිඹුරෙකු දෂ්ඨ කිරිමට ගොස් දිවි ගලවා ගත්තේ අනූ නවයෙන් බවයි.


විවිධ කදු මුදුන්  සහ මේල්පිටියේ සොහොන් පිටියේ අධ්‍යාපනය ලබන මේ දරුවන් දෛනිකව පැවැත්වෙන උපකාරක පංති සදහා අව් වැසි නොතකා ගමේ පොදු සුසාන භූමියට එක් රොත් වනවා.


මෙහිදි අදහස් දැක්වූ දෙමවිපියන් කියා සිටියේ රාත්‍රි කාලයේ පැවැත්වෙන උපකාරක පංති සදහා හුළු අතු පත්තුකරගෙන තම දරුවන් ද සමග සොහොනට පැමිණෙන බවයි.

nethnews

No comments

Ads Place