Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පලාත් සංචරණ සීමා ඉවතට.. සදුදා සිට රටම විවෘතයි.. සියළු සේවකයන් වැඩට කැදවයි…

  කොරෝනා ව්‍යාප්තිය පැතිරීම පාලනය සඳහා දැනට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තහනම එන සදුදා දින සිට ඉවත් කිරීමේ සූදා...

 


කොරෝනා ව්‍යාප්තිය පැතිරීම පාලනය සඳහා දැනට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තහනම එන සදුදා දින සිට ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

පසුගිය මැයි මස එකොළොස් වැනිදා මුළු දිවයින ම ආවරණය වන පරිදි පළාත් සංචරණ සීමා පනවනු ලැබීය.

එමෙන්ම සදුදා දිනයේ සිට සියලු රාජ්‍ය සේවකයන් පෙර පරිදිම සියලුම තම සේවා ස්ථානයන් වෙත කැඳවීමට රජය තීරණය කර තිබේ. ඒ සදහා වන චක‍්‍රලේඛයක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ සදුදා දිනයේ රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි බවයි.

අද මේ මොහොතේ රට ඇත්තේ එම තීරණය ගන්නා විට තිබූ තත්ත්වය නොවන බවද පසුගිය සතියේ දී ආසාදිත ප්‍රමාණය වැඩිවී ඇති බවත් බවද ඇය සඳහන් කළාය.

වරර්ධන වන අවදානම හමුවේ කල්පනාකාරීව තීරණය ගැනීමට අවශ්‍ය බව ද ඇය තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place