පොහොර ලබා දෙන ලෙසත් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙසත්, බඩු මිල පහත දමන ලෙසත් ඉල්ලා විරෝධතාවයක් පස්ගොඩ ඌරුබොක්ක නගරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව...
පොහොර ලබා දෙන ලෙසත් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙසත්, බඩු මිල පහත දමන ලෙසත් ඉල්ලා විරෝධතාවයක් පස්ගොඩ ඌරුබොක්ක නගරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ජනතා විමුක්ති පෙරමුනේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුලු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරී සාමාජිකයින් ගොවීන් මෙන්ම විදුහල්පතිවරුන් සහභාගී වී සිටුනු දක්නට හැකි විය.
විරෝධාතා කරුවන් විසින් ඌරුබොක්ක නගරයේ පොල ඉදිරිපිට මීටරයේ පරතරය සිටිනසේ මාතර ඌරුබොක්ක මාර්ගයේ ලකුණු කර එම ස්ථානයේ විරෝධතාව ආරම්බ කරන ලදී.
වරෝධතාවය සදහා 200 ක් පමණ සහභාගී වී සිටිනු දක්නට හැකි විය.මෙහිදී විරෝධතා කරුවන් විසින් පොහොර ලබාදෙන ලෙසත්, අධ්‍යාපන අයිතීන් ලබාදෙන ලෙසත් ආණ්ඩුව අන්තර්ජාල පහසුකම් දරුවන් සදහා ලබා දීමට කටයුතු කරන ලෙසත්, බඩු මිල වහා අඩු කරන ලෙසද ඉල්ලීම් කරමින් විරෝදතාවය දක්වන්නට විය.
දියව් දියව් පොහොර දියව්,තේ ගොවියට පොහොර දියව්, පොහොර නැතේ බතුත් නැතේ යනාධී වශයෙන් විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවය දක්වන්නට විය.
lankacnews
No comments