Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් ආරක්ෂාව නැති චීන දරුවන්ට පාසැල් තහනම් කෙරේ!

  පවුලේ සාමාජිකයින් සියලු දෙනා සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති නම් එම පවුල්වල දරුවන් පාසැල්වලට භාර නොගැනීමට චීනය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ...

 


පවුලේ සාමාජිකයින් සියලු දෙනා සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති නම් එම පවුල්වල දරුවන් පාසැල්වලට භාර නොගැනීමට චීනය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී දරුවන් යළි පාසැල් පැමිණෙන විට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබිය යුතු බවත්, එසේ නොමැති නම් දරුවන් පාසැලට ඇතුළත් කර නොගන්නා බවත් චීනයේ ඇතැම් ප්‍රාන්තවල බලධාරීන් මේවනවිටත් දැනුම් දී ඇත්තේ. 


චීනයේ තවත් නගර කිහිපයක අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන් පාසැල්වලට ඇතුළත් කර ගැනීමට සූදානම් වන්නේ ද කොරෝනා මර්දන එන්නත්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාළ නගර වල බලධාරීන් දැනුම් දී ඇත්තේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන් මෙතෙක් එන්නත්කරණය සම්පූර්ණ කර නැතිනම් පාසැල් ආරම්භ කිරීමට පෙර එන්නත් ලබා ගන්නා ලෙසයි. එහෙත් එම තීරණය අනෙකුත් වයස් ඛාණ්ඩවල දරුවන්ට බලපැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ. 


මේ අතර චීනයේ ඇතැම් නගරවල පොදු ස්ථානවලට, රෝහල්වලට හා සුපිරි වෙළඳ සංකීර්ණවලට ඇතුළු වීමට කොරෝනා මර්දන එන්නත ලබාගෙන තිබිය යුතු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. චීනයේ තවත් ප්‍රදේශ කිහිපයක හෝටල් හා ආපනශාලාවලට ඇතුළත් කර ගැනෙන්නේ ද එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්නම් පමණක් බවයි විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ.  

noizetv

No comments

Ads Place