Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැරියන් ලිංගික දැළට කොටු කරනා තවත් ජාවාරමක්

 අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දරුවන්ට විවිධ ලිංගික අපයෝජනයන්ට සිදු කිරීමේ තවත් සිද්ධියක් පිටබැද්දර ප්‍රදේශයෙන් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ, පාසැල...


 අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දරුවන්ට විවිධ ලිංගික අපයෝජනයන්ට සිදු කිරීමේ තවත් සිද්ධියක් පිටබැද්දර ප්‍රදේශයෙන් අනාවරණ කරගෙන තිබෙනවා.


ඒ, පාසැලක විදුහල්පතිවරයෙකු සිදුකරන ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකට අනුවයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාළ පාසැලේ ශිෂ්‍යාවන් පිරිසකගේ ජංගම දුරකථන අංකය සූක්ෂම ලෙස ලබා ගනිමින් මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජංගම දුරකථන සමාගමක අලෙවි නිලධාරියෙකු බවයි ප්‍රකාශ කෙරුණේ.


බාලවයස්කාර දැරියන්ට ඉකුත් සමයේ සිදුවූ විවිධ ලිංගික අඩත්තේට්ටම් පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වුණා. 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය ඒ අතරින් ප්‍රධානයි.


බාලවයස්කාර දැරිය අපයෝජනය කළ බවට සැකපිට නාවික හමුදාවේ වෛද්‍යවරයෙකු ද අත්අඩංගුවට ගැනෙන්නේ ද එම සිද්ධි මාලාවේ නවතම සිද්ධිය ලෙසයි

nethnews

No comments

Ads Place