Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තරඟයට මුහුණදීමට පෙර ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් ෆේස්බුක් සටහනක් තබයි

ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස නිල වශයෙ...


ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස නිල වශයෙන් සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් පසුගිය 03 වැනිදා නිල වශයෙන් තහවුරු කළා.


ඒ අනුව 1992 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට හිටපු ක්‍රීඩක ශ්‍රියන්ත දිසානායක සමත් වීමෙන් වසර 29කට පසු එම ඉසව්ව සඳහා Wild card අවස්ථාවකින් තොරව සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ පළමු ක්‍රීඩකයා යුපුන් වීම ද විශේෂත්වයක්.


මේ වන විට යුපුන් අබේකෝන් ජපානයේ ටෝකියෝ නුවරට ගොස් ඇති අතර ඔහු සිය පුහුණු වීම් කටයුතු සිදු කරමින් සිටිනවා.


යුපුන් අබේකෝන් නියෝජනය ක්‍රීඩා ඉසව්ව එළඹෙන 31 වැනිදා පැවැත් වීමට නියමිතයි.


එයට දින දෙකකට පෙර යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ මෙරට ඔලිම්පික් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා.


එම ෆේස්බුක් සටහන පහතින්.


ජූනි 31 තමයි දවස.


මේ වෙලාවේ මට දැනෙන දේ ඒ විදිහටම කියන්න ඕනි උනත් මේ අවසාන දවස් කිහිපයේ මගේ අවධානය තරගයේ තියාගන්න ඕනි නිසා සහ මාව දිරිමත් කරන හැම කෙනාටම ස්තූති කරන්න ඕනි නිසාත් පොඩි දෙයක් කෙටියෙන් කියන්න වෙලාවක් හදා ගත්තා.


මුලින්ම කියන්න ඕනී ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ හීනයක්. මොකද මෙතනට සුදුසුකම් ලබලා එන්න පුලුවන් දක්ශයන්ගෙනුත් දක්ශයන්ට විතරයි. wild card වලින් එන්නෙත් ඒ ඒ රට වල ඒ ඒ ඉසව් වලට ඉන්න හොදම කෙනා. ඉතින් ඒකෙන්ම ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන් බිලියන කීයකින් කීදෙනාට අවුරුදු හතරකට සැරයක් එන මේ අවස්ථාවට සහභාගි වෙන්න පුලුවන් වෙන්නේ කියලා. ඒකට ක්‍රීඩකයෙක් අවම වශයෙන් අවුරුදු 4 ක් සූදානම් වෙනවා මේ අවස්ථාව උදා කරගන්න.


සුදුසුකම් සපුරලා එන ක්‍රීඩකයෙක් විදිහට මට ගොඩක් සතුටුයි මම අර කියපු අය අතුරින් කෙනෙක් උන එක ගැන. ඒ ආපු ගමන ගැන හැම කෙනාම දන්නවා. මීට කලින් මගේ ජයග්‍රහණය වලදී ගොඩක් අය සුභ පැතුවත් මේ අවස්ථාවේ හැමෝම එකට එකතු වෙලා රටක් විදිහට සුභ පතනකොට දැනෙන හැගීම ගොඩක් වැඩී. ඉතින් ගොඩක් ස්තූතියි ඒ හැම කෙනාටම. කමෙන්ට් මැසේජ් හැම එකම කියවන්න ඇත්තටම බෑ , ඒ තරම් සුභ පැතුම්.


මේ අවස්ථාවේ මගේ අරමුණ මානසිකත්වය හොදින් තියාගෙන පදක්කමක් ලබා ගැනීමටත් වඩා පීඩනය අවම කරගෙන හොද කාලයක් වාර්තා කරලා ඉදිරි වටයට සුදුසුකම් ලබන එක. පදක්කමක් කියන එක තරග කරන ඕනිම කෙනෙක්ගේ එකම අරමුණ. මමත් තරග කරන්න සූදානම් වෙන්නෙත් ඒ අරමුණෙන්ම තමයි. නමුත් පදක්කමක් කියන අනවශ්‍ය පීඩනය මං මේ අවස්ථාවේ ඇති කරගන්නේ නෑ.


මට වඩා හොද කාලයන් වාර්තා කරපු අය ගොඩක් ඉන්නවා මේ තරගේ. ඒ නිසා මේක ලේසි වෙන්නේ නෑ , ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ මං පරාජය වෙන මානසිකත්වයකින් තරග කරන්න යනවා කියලා. මොකද වඩා හොද කාලයන් වාර්තා කරපු අයව තරග අවස්ථා ගොඩකදී මට පරාජය කරන්න හැකියාව ලැබුනා.


අන්තිමට සහභාගි උන ඩයමන්ඩ් ලීග් එක හැමෝටම මතක ඇති. තත්.9 , 10 අතර ඉවර වෙන රේස් එකක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේක ඔලිම්පික්. ඒත් මං මගේ හැකියාවන් සහ පුහුණුවීම් විස්වාසය කරනවා. හැමකෙනෙක්ගෙම ලැබෙන ආශිර්වාද ශක්තියක් වෙයි කියලා විස්වාස කරනවා. ඉතින් අවසානයේ හොද ප්‍රතිපලයක් ලැබෙන්න මං හොදින් තරග කරනවා.


අවසාන වශයෙන් මම ගොඩක් සතුට වෙනවා සහ ආඩම්බර වෙනවා ලෝක මළල ක්‍රීඩාව හැසිරෙන විදිහ ගැන  සහ නූතන ක්‍රීඩා තාක්ශනය ගැන අවබෝධයක් තියන විශාල පිරිසක් ලංකාවේ ඉන්න එක ගැන.


ඒ අය නිතරම  ලංකාවේ ක්‍රීඩාවට නිවැරදි අවබෝධයක් ලබා දෙනවා. ඉතින් මං ඒකට ඒ අයට ගොඩක් ස්තූති කරනවා. මොකද ඒ දේ තමයි ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහ ලංකාවේ නම ඉදිරියේ ලෝක මට්ටමේ පදක්කම් සටහන් කරන්න ක්‍රීඩකයෙක්ට ආත්ම විශ්වාසයක් ලබාදෙන්නේ.


මේක මං යන ගමනේ තවත් එක කඩයිමක්.  මේ තරගයත් හොද කාලයන් වාර්තා කරලා ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසයේ තව පිටුවක් ලියන බලාපොරොත්තු ඇතුව  මං ජූලි 31 ඔලිම්පික් ස්ටේඩියම් එකට යනවා.


එදාට හම්බවෙමු. හැමෝටම ජය...

noizetv

No comments

Ads Place