Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිකම එපා නම් ඉල්ලා අස්වෙන්නැයි දයාසිරිට කියයි..

  ඇමති තනතුරුවල විෂයන් සීනි ද, බතික් ද, මැටි ද යන්න කුමක් වුවත් ඒ විෂයයන් වල ප‍්‍රගතියක් ඇති කිරිමට වැඩකළ හැකි අයට හැකිබව පැවසූ රාජ්‍ය අමාත්...


 ඇමති තනතුරුවල විෂයන් සීනි ද, බතික් ද, මැටි ද යන්න කුමක් වුවත් ඒ විෂයයන් වල ප‍්‍රගතියක් ඇති කිරිමට වැඩකළ හැකි අයට හැකිබව පැවසූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩබැරි අය තමන්ට ලැබුණු ඇමතිකමේ විෂයයන් ගැන පාරම් නොබා ඉල්ලා අස්විය යුතු යැයි අද (04දා) පැවසුවේය.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ආශ‍්‍රිත කර්මාන්ත සහ අපනයන ප‍්‍රවර්ධන ඇතුලු කුඩා භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසීය.

ගම්මිරිස්, මැටි, බතික් ඇමතිකම් දුන්න බවක් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන බවත් ඇමතිකම්වල ගැටලුවක් ඇද්දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ පිළිතුරු දුන් ජානක වක්කුඹර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන්ට ලැබුණු ඇමති විෂයයන්ගේ සාධණීය වර්ධනයක් මේ වනවිට තමන් පෙන්වා ඇති බවයි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපිට මේ ඇමතිකම් දුන්නේ. එතුමා ඉදිරියේ අපි දිවුරුම් දුන්නේ. අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් අපිට දුන් ඒ ඇමතිකම්වල විෂයයන් ගැන දන්නවා. මට ලැබුණ විෂයයන්ගේ උක් කර්මාන්තය ලාභ ලබන තැනට ගෙනාවා. ගම්මිරිස් ක්‍ෂෙත්‍රය කඩාවැටිලා තිබුණේ. දැන් එය ගොඩ ගෙන මිලක් ස්ථායි කරලා තියනවා. කජු කර්මාන්තයත් එහෙමයි. වැඩ කරන්න පුලූවන් නම් ඇමති විෂයයේ ගැටලූවක් නෑ.

ඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුලුවන් කෙනෙකුට දෙයි. බෑ බෑ කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්” යැයි අමාත්‍යවරයා පැවැසීය.

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙතැයි බොහෝ දෙනෙක් බියවී ඇති බව, කියන දේවල් වලින් පෙනී යන්නේ යැයි ද, වක්කුඹුර මහතා පෙන්වා දුන්නේය. ඔහු පාර්ලිමේන්තු ආවත් එන්නේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකුගේ ඉල්ලා අස්වීමකින් වන පුරප්පාඩුවකට නිසා ආණ්ඩුවට සම්බන්‍ධ අනෙකුත් පක්‍ෂවල මන්ත‍්‍රීධූරයන්ට ඉන් කිසිදු බලපෑමක් නොවන බව ද වක්කුඹුර මහතා අවධාරණය කළේය

lankacnews

No comments

Ads Place