Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුර,නැගෙනහිර,බටහිර,දකුණ ගැටෙන – යුද හමුදාපති ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට!

 ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව දෙවැනි වරට සංවිධාන කරන යුද හමුදාපති ලීග් (ARMY COMMANDER’S LEAGUE) ක්‍රිකට් තරගාවලිය අද (31) දොඹගොඩ යු...


 ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව දෙවැනි වරට සංවිධාන කරන යුද හමුදාපති ලීග් (ARMY COMMANDER’S LEAGUE) ක්‍රිකට් තරගාවලිය අද (31) දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.


අන්තර් සමාජ ක්‍රිකට් තරග බිමේ පළමු කාණ්ඩයෙන් තරග වදින යුද හමුදාව සතුව ක්‍රීඩකයන් 350කට අධික පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අතර, ඔවුන් අත­ුරින් ඉහළම දස්කම් දක්වන නවක ක්‍රීඩකයන් පළමු පෙළ තරගාවලිය සඳහා තෝරා ගැනීම සහ යුද හමුදා ක්‍රීඩකයන්ට නව තරග අත්දැකීම් දීමත් අරමුණු කර ගනිමින් මේ තරගාවලිය සංවිධාන කරයි.


ජාතික කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් (සදර්න් වොරියස්), සීක්කුගේ ප්‍රසන්න (නොදර්න් වොරියස්), අසේල ගුණරත්න (ඊස්ටන් වොරියස්) සහ මෑතකදී ජගත් පිටියට සමුදුන් තිසර පෙරේරාගේ (වෙස්ටර්න් වොරියස්) නායකත්වයෙන් කණ්ඩායම් 4ක් එක් වන තරගාවලිය ආරම්භ කරමින් අද සදර්න් පිල සහ නොදර්න් කණ්ඩායම සමඟ ද, වෙස්ටර්න් පිල සමඟ ඊස්ටන් කණ්ඩායම ද තරග වැදීමට නියමිතය.


තරගාවලිය අවසන් මහා තරගය අගොස්තු 7 වැනිදා පැවැත් වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසු වන කණ්ඩායම් දෙක අතරය.


පළමු පෙළ, අවු. 23න් පහළ සහ අන්තර් රෙජිමේන්තු තරගාවලියේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන් අතුරින් කුසපත් ඇදීම මඟින් ක්‍රීඩකයන් 56 දෙනකු තරගාවලියට තෝරා ගෙන ඇති අතර, මේ සෑම කණ්ඩායමකටම ආරාධිත ක්‍රීඩකයන් ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු බැගින් එක් කර තිබේ. ඒ අනුව චන්දි මාල්ගේ කණ්ඩායමට ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ පෙරේරා එක් වන අතර, සීක්කුගේ කණ්ඩායමට මිලින්ද සිරිවර්ධන, අෂාන් ප්‍රියංජන් සහ රමේෂ් මෙන්ඩිස් එක්ව සිටිති.අසේල මෙ‍හෙයවන ඊස්ටන් කණ්ඩායමට සඳුන් වීරක්කොඩි, චතුරංග ද සිල්වා සහ ළහිරු මධුසංක ක්‍රීඩා කරන අතර, උපුල් තරංග, නුවන් ප්‍රදීප් සහ ඩිල්ෂාන් මුණවීර එක්ව ඇත්තේ තිසරගේ කණ්ඩායමටයි. මේ තරගාවලියේ නීතිරීති අනුව නවකයන්ට අවස්ථාව දීමේ අරමුණින් තරගයකට නම් කරන අවසන් 11⁣ දෙනා අතරට අවුරුදු 23න් පහළ යුද හමුදා ක්‍රීඩකයන් දෙදෙනකු නම් කිරීම අනිවාර්ය වන අතර, නායකයන් හැර එක් තරගයකට ක්‍රීඩා කිරීමට අවසර ඇත්තේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනකුට පමණි.


මේ තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් ලක්ෂයකින් වැඩි වී ඇති අතර, පළමු තරගාවලියේදී පිරිනැමුණේ රුපියල් එක් ලක්ෂ පනස් දහසකි. අනුශූරයන්ගේ ත්‍යාග මුදල දෙගුණ කරමින් මෙවර රු. 150,000ක් පිරිනැමෙනු ඇත. ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රු. 50,000ක් ද අවසන් තරගයේ වීරයා, තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු රකින්නා සඳහා රුපියල් 25,000 බැගින් පිරිනැමෙන අතර, මූලික වටයේ තරගවල දක්ෂතම ක්‍රීඩකයාට රු. 10,000 බැගින් හිමි වනු ඇත.


පසුගිය ශූරයන් වූ සදර්න් පිල මෙවරත් ඩීමෝ අනුග්‍රහයෙන් සහ එවර අනුශූරයන් වූ නොදර්න් පිල පාණදුර සුපර් ෆැෂන් ආයතනයේ අනුග්‍රහයෙන්ම තරගාවලියට එක් වන අතර, ඊස්ටන් පිල බැට්ස්මන් ඩොට් කොම් සහ සිලෝන් ඇග්‍රෝ ආයතනයේද, ඉවෙන්ට් ටීවී සහ ක්ලැසික් ට්‍රැවල්ස් අනුග්‍රහයෙන් වෙස්ටර්න් පිලද තරගාවලියට එක් වෙයි.

noizetv

No comments

Ads Place