‘ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් නැ . විපක්ෂයේ ඉන්නකොට එකක් , ආණ්ඩුවට ගියාම තව එකක් . විපක්ෂයේ ඉන්නකොට දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියනවා , ආණ්ඩුවට ...
‘ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් නැ . විපක්ෂයේ ඉන්නකොට එකක් , ආණ්ඩුවට ගියාම තව එකක් . විපක්ෂයේ ඉන්නකොට දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියනවා , ආණ්ඩුවට ගියාම ඒවා විකුණනවා’ යයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තුවේදි විවාදය අවස්ථාවේදි ඔහු මෙසේ අදහස් දැක්වීය.
මම ජි.එල් පීරිස් මැතිතුමාගෙන් අහන්න කැමතියි , මහින්ද රාජපක්ෂ මැතිතුමා ජානාධිපති කාලේ සයිටම් විශ්ව විද්‍යාලය පටන් ගත්තා .පසුව යහපාලන ආණ්ඩුව බලයට පත් වුනාම සයිටම් විශ්ව විද්‍යාලය පවත්වාගෙන යනකොට මේ අය විරුද්ධ වුනා . මුළු රටම සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධව පෙළ ගැස්සුවා.
එදා එහෙම කරලා අද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගේනවා සම්පුර්ණම පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විදියට .ඔබතුමාලගේ ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් නැ .විපක්ෂයේ ඉන්නකොට එකක් ආණ්ඩුවට ගියාම තව එකක්. විපක්ෂයේ ඉන්නකොට දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියනවා , ආණ්ඩුවට ගියාම ඒවා විකුණනවා.
– මාධ්‍ය ඒකකය
lankacnews
No comments