Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොට්ට උරය මාරු නොකළොත් සමේ ගැටලු ඇතිවෙනවා

 ඇස්, කන්, නාසය, දෙතොල් මෙන් වෙන් වෙන් වශයෙන් නො ගත්ත ද සම අපේ සමස්ත රුවේම පියකරු බවට බලපායි. එනිසාම ඡවි කල්‍යාණය පංච කල්‍යාණයෙන් එක් කල්‍යා...


 ඇස්, කන්, නාසය, දෙතොල් මෙන් වෙන් වෙන් වශයෙන් නො ගත්ත ද සම අපේ සමස්ත රුවේම පියකරු බවට බලපායි. එනිසාම ඡවි කල්‍යාණය පංච කල්‍යාණයෙන් එක් කල්‍යාණයක්.


කැඩපත ඉදිරියට ගොස් මුහුණ බැලීමේදී අලංකාරව පෙනෙන්නේ මුහුණේ සම අලංකාරව තිබුණොත්ය. ඒත් අප දැන හෝ නො දැන කරන වැරැදි නිසා සම අවලස්සන කරගන්නා අවස්ථා එමටයි.


උදෑසන අවදිවූ පසු මුහුණ නො සේදීම කාන්තාවන් සමට සිදුකරන බරපතළම වරදයි. සමහරු දත් මැද්දත් උදේට මුහුණ සෝදන්නේ නැහැ. මොන තරම් රාජකාරි තිබ්බත් මුහුණ හෝදන්න අමතක කරන්න හොඳ නැහැ. එයින් සිදුවන්නේ සමේ බැක්ටීරියාවන්ට සමේ රැඳෙන්නට අවස්ථාව ලබා දීමයි. අප නිදා ගන්නා විට සම අලුත්වැඩියා වෙනවා. උදෑසනට මුහුණ නො සේදුවොත් තෙල් සහිත සමකට, කුරුලෑ සහිත සමකට මඟ පෑදෙනවා.


සමේ ආරක්ෂාවට සන්ස්ක්‍රීන් අත්‍යාවශ්‍යයි. ඒත් සන්ස්ක්‍රීන් භාවිත කරන්නේ කී දෙනාද? හිරු එළියෙන් සම රැලි වැටෙනවා. දුර්වර්ණ වෙනවා. තද පැල්ලම් ඇති වෙනවා.


ඔබ කොට්ට උරය මාරු කරන්නේ කොපමණ කාලයකට වරක්ද? කොට්ටය කියන්නේ ඔබේ සුසුම් පොදට, කඳුළට වඩාත් සමීප අජීවි සගයායි. සමේ, මුවේ, කොණ්ඩේ ඇති විසබීජ රඳවා ගන්නේ ද කොට්ට උරය සහිත කොට්ටයයි. සුව දායක නින්දකට මඟ පෑදුවත් දින දෙකකට තුනකට වරක් පරණ කොට්ට උරය මාරුකර අලුත් කොට්ට උරයක් නො දැම්මොත් සමේ ගැටලු ඇති වීම වළක්වන්න බැහැ.


මොනතරම් වෙහෙසක් දැනුණත් කම්මැළිකමක් ඇතිවුණත් මුහුණේ ගැල්වූ කෘත්‍රිම ආලේප නින්දට පෙර ඉවත් කළ යුතුයි.

tharunee

No comments

Ads Place