Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිවයිනේම වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්….

  අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී යල කන්නයේ වී මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි. අම්පාර වී ගබඩාව මේවනවිටත් පිර...

 


අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී යල කන්නයේ වී මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි. අම්පාර වී ගබඩාව මේවනවිටත් පිරී පවති.

ගොවි ජනතාව දැඩි උනන්දුවකින් රජයට වී ලබාදීමට කටයුතු කරන බවට හොඳම සාක්ෂියක් ලෙස අම්පාර වී ගබඩාව දැකගත හැකිවුණි.

ගොවි ජනතාව ප්‍රකාශ කළේ ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමට රජය ගත් තීන්දුව ඉතා ප්‍රශංසනීය බවයි.

දිවයින පුරා යල කන්නයේ වී අස්වනු 10%ක් මේවනවිටත් නෙලමින් පවතින අතර, වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවකටම වී තොග ලැබෙමින් පවති.

අත්පිට මුදලට, සහතික මිලට ගොවි බිමටම ගොස් සියලු වී මිලදී ගැනීමට දිවයින පුරා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, තෙත වී ද මෙවර වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගනු ලබයි.

සුජිත් විතානපතිරණ
මාධ්‍ය ලේකම්

lankacnews

No comments

Ads Place