Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් සොයන්න නව ආයෝජනයන්ට දොර අරින්න ආණ්ඩුවෙන් සැලසුම්

  මෙරට මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරිම සඳහා නව ආයෝජන වෙනුවෙන් දිරි දීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසා...

 


මෙරට මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරිම සඳහා නව ආයෝජන වෙනුවෙන් දිරි දීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු කියා සිටියේ නව ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා දැනටමත් සහන රැසක් ලබාදී ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී ද ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.  

එක් එක් රජයන් විසින් විදේශීය ණය ලබා ගැනීම සහ ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමේදී මතුව ඇති ගැටළු වත්මන් ආර්ථික අර්බුදයට හේතුවක් නොවේදැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. 

බැංකු පොලී අනුපාත සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ගෙන් විමසීමක් කළා. 

nethnews


No comments

Ads Place