Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දයාසිරිට නිමල් සිරිපාලගේ කැබිනට් ඇමතිකම ගන්නැයි කියයි..

  ‘ජනතාවට විපක්ෂය කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු වෙලා’ යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ ග්‍රාමීය ...


 ‘ජනතාවට විපක්ෂය කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු වෙලා’ යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 100,000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ පල්ලේගම නාරංගමුව ප්‍රධාන මාර්ගයේ හංවැල්ල සිට රණමුරේ දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර 100000 වැඩසටහන යටතේ ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ පල්ලේගම නාරංගමුව ප්‍රධාන මාර්ගයේ හංවැල්ල සිට රණමුරේ දක්වා කිලෝ මීටර් හතර හමාරක මාර්ග ව්‍යාපෘතිය අද අපි ආරම්භ කලා. මේ සදහා අපි රුපියල් මිලියන 102 ක් වැය කරනවා . මාස 9ක් තුල මෙම මාර්ගයේ වැඩ කටයුතු අපි අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක ඉතාම පැරණි ගම්මානයක්. මෙහි තියෙන සුවිශේෂත්වය තමයි මීමුරේ සහ මේ ගම්මාන දෙක වෙන්වෙන්නෙ මේ ලකීගල හරහායි. මෙය ඉතාමත් පෞරාණික වටිනාකමක් සහිත ගමක්. ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරන ගොවිතැනින් ජීවත් වන ජනතාවක් තමයි මේ ගමේ ඉන්නේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ හරහා තමයි මේ ග්‍රාමීය පාරවල් නිර්මාණය වෙන්නේ.

මම දැක්ක හිටපු මහාමාර්ග ඇමතිවරයෙක් තියෙනවා කොහොමද කිලෝමීටර් විසිපන්දාහක් හදන්නේ කියලා. මේවට කොහෙන්ද සල්ලි කියලා අහනවා. කොවිඩ් තියෙද්දි පාරවල් හදන්නේ කන්නද අහනවා. මේ තමයි ඒ වැඩපිළිවෙල. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මොන ප්‍රශ්න තිබුණත් මේ රට අපි සංවර්ධනය කරනවා. යුද්ධ කාලයේ දී පවා මේ රටේ පාරවල් හැදුනා, අලුතින් ගොඩනැගිලි නිර්මාණය වුණා, පරිපාලන කටයුතු සිදු වුනා, යටිතල පහසුකම් දියුණු උනා. ඒ වගේ දැවැන්ත සංවර්ධනයක් එදා සිදු වුණා. රට සංවර්ධනය කරනවා කියන එක අපිට නුපුරුදු දෙයක් නොවේ. ඒ නිසා සංවර්ධනය කියන්නේ අපිට හොදට පුරුදු දෙයක්. ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයට මේවා පුරුදු නැහැ. ඒගොල්ලො හිටියේ රටේ යුද්ධ නැතුව. ආර්ථික ප්‍රශ්න නැතුව. චීනයට පමණක් දෙවැනි වුණු ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටක් ඔවුනට අපි බාර දුන්නා. ඒ අයට අභියෝග නැතුවත් වැඩ කරගන්න බැරි වුණා. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්ට අභියෝග මැදින් මේ රට ජයග්‍රහණය කරා ගෙනියන්න හොඳට පුරුදුයි.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් උනහම අභියෝග වලට මුහුණ දෙන්න ඕනා. අභියෝගයන්ට මුහුණ දෙන්න බැරිනම් ඒ ආණ්ඩුවෙන් ඇති වැඩක් නැහැ. කොවිඩ් ගැටළුව අපිට වගේම මුළු ලෝකයටම ප්‍රශ්නයක්. ඒත් අපි ප්‍රශ්න වලට හැංගිලා පටි තද කරගන්න කියල නැහැ. ආර්ථිකය ගෙනියන්න අමාරුයි ඒ නිසා ජනතාවට ගෙවල්වලට වෙලා ඉන්න කියලා නැහැ. පාරවල් හදන්නේ නැහැ කියලා නැහැ. කර්මාන්ත වලට උදව් කරන්නේ නැහැ, අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කරන්නේ නැහැ කියලා අපි කියලා නැහැ. අමාරුයි කියල අපි වැඩ නොකරන ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව දිහා ඉරිසියාවෙන් බලන්න එපා. කාබනික පොහොර හදන එක සම්බන්ධයෙන් කිසිම නායකයෙක් නොගන්න තීරණයත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්තා. ඒක අවුරුදු දහයක් ගිහින් විස කවලා තව මිනිස්සුන්ව මරා ගන්නවාද නැත්තම් දැන්ම ඒ තීරණය දැන්ම ගන්නවද. එතුමා කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධව ගත්ත නිවැරදි තීරණය උඩ අපි එතුමා සමග කෙලින් හිට ගන්නවා. එතුමා ගත්ත මේ තීරණය සාර්ථක වෙනවා. මේ ගමේ කීදෙනෙක් කාබනික පොහොර තමන්ම හදාගෙන ගොවිතැන් කරනවද. ඒක පිනක්. විස නැති කෑම දෙන එක පිනක්. අපි කියන්නේ මේ වගේ නිවැරදි තීරණ වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියලා. විපක්ෂය ගැන අපිට ඇත්තටම කණගාටුයි. ඔවුන් මේ ප්‍රතිපත්තිවල ඉඳගන අනාගතයක් දිහා කොහොමද බලන්නේ කියලා හිතෙනවා. ජනතාවට විපක්ෂය කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු වෙලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව ඇතුලේ ඉදන් ප්‍රශ්ණ ඇති කරනවා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මම දැක්කා පී.බී ජයසුන්දර මහත්තයයි බැසිල් රාජපක්ෂ මහත්තයයි තමයි ශ්‍රි.ල.නි.ප යට දෙන ඇමතිකම් හා රාජ්‍ය ඇමතිකම් තීන්දු කෙරුවේ කියලා ඔවුන් චෝදනා කරනවා. බතික් රාජ්‍ය ඇමතිකම ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමාටයි කියලා ශ්‍රි.ල.නි.ප ය චෝදනා කරනවා. ඒක ඔහුට ලබා දුන්නෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා ඔවුන් කියනවා. ඔවුන්ගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම කණගාටුවට පත්වෙනවා. මහින්ද අමරවීර ඇමතිතුමාට කැබිනට් ඇමතිකමක් දිල තියෙනවා. නිමල් සිරිපාල ඇමතිතුමාටත් එහෙමයි. කාටද ඇමතිකම් ලබා දෙන්නේ කියන එක ශ්‍රි.ල.නි.ප ඇතුලේ තියන දෙයක්.

බතික් ඇමතිකම ගන්නවද නිමල් සිරිපාල මැතිතුමාගේ ඇමතිකම ගන්නවද කියන එක එයාලගේ පක්ෂයේ ඇතුලෙ බේරගන්න ඕන එකක්. ඒකට බැසිල් රාජපක්ෂ මැතිතුමාවවත් පී.බී.ජයසුන්දර මහත්තයාවවත් මේකට පටලගන්න එක වැරදියි. ඒගොල්ලෝ පටලනගෙන ඉවරවෙලා කියනවා ජනාධිපතිතුමායි අගමැතිතුමායි එක්ක වැඩ කරන්න සූදානම් කියලා. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අපි ඔක්කොම එකයි කියලා. අපි ඔක්කොම ඉන්නේ මේ රට හදන තැන. රටට වැඩ කරන තැන. තනතුරු බෙදා ගන්න එක ඒ අයගේ පක්ෂය ඇතුලෙන් සාකච්ඡා කරලා තීරණය කරගන්න ඕන දෙයක්. කැබිනට් ඇමතිකම කාටද දෙන්නේ රාජ්‍ය ඇමතිකම කාටද දෙන්නේ කියන එක ඒ අයගේ පක්ෂය තීරණය කරන්නේ. ඒකට අපිව පටලගෙන හරියන්නේ නැහැ. ඒක දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය කරන වැඩක්. අපි ඔවුන්ගේ ප්‍රකාශ ගැන පුදුම වෙන්නේ නැහැ. රාජ්‍ය ඇමතිවරුන් සීල් එකකට පමණක් සීමා වෙලා තියනවා කියන ප්‍රකාශය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය ඇමතිවරුන්ට පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සලකපු විදිහ අපි දන්නවා. අපි තමයි රාජ්‍ය ඇමතිවරුන්ට ගැසට් කරලා බලය ලබා දීලා තිබෙන්නේ. විවිධ ප්‍රකාශ කරලා ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ඉන්නවා නම් ඒක හීනයක්. ඡන්දයකට ගියාම ජනතාව ඒවාට නිසි පිළිතුරු ලබා දෙයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

No comments

Ads Place