Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවන තරගයත් පරදී – ඉන්දියාවට කඩුලු තුනක ජයක්!

 ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ගැටුමේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ...

 ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ගැටුමේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කරගත්තා.


එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක් දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක චරිත් අසලංක සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 65ක්.


ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත්.


ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින්.


ආරම්භක කඩුල්ලට ශක්තියක් එක්කළ මිනෝද් භානුක වේගවත් පිතිහරඹයක නියැලෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් රැස්කළා.



පන්දු 33කදී වේගවත් පිතිහරඹයක නියැලුණු චාමික කරුණාරත්න ලකුණු 44ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව හැඩකලා.


ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත්.


පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් Bhuvneshwar Kumar ලකුණු 54කට කඩුලු 3ක් දවාගත්තා.


Yuzvendra Chahal ලකුණු 50කට කඩුලු 3ක් දවාගත්තා.


Deepak Chahar ලකුණු 53කට කඩුලු 2ක් දවාගත්තා. එ් අනුව පිලිතුරු ඉනිම ක්‍රිඩාකල ඉන්දිය කණ්ඩායම කඩුලු 3ක ජයක් ලබාගත්තා

noizetv

No comments

Ads Place