Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එළවළු මිල කෘතිමව වැඩි කරන හැටි හෙළිවෙයි

 දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කෘතිම ලෙස ඉහළ දැමීමට මැදිහත් වන නාඩි වෙළදුන්ට එළවළු තොග ලබා දීමෙන් වළකින ලෙස ගොවීන් දැනුවත් කර...


 දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කෘතිම ලෙස ඉහළ දැමීමට මැදිහත් වන නාඩි වෙළදුන්ට එළවළු තොග ලබා දීමෙන් වළකින ලෙස ගොවීන් දැනුවත් කර ඇති බව එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න පවසනවා. එසේ නොමැතිව නාඩි වෙළදුන්ගේ ක්‍රියාකාරකම් නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ. 


දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති ශාන්ත ඒකනායකගෙන් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කරුණු විමසුවා.

අතරමැදිකරුවන් නොමැතිව ගොවීන්ගේ නිෂ්පාදනවල වාසිය ඔවුන් වෙතම ලබාදීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බිහි කිරීමේ අරමුණ වූ බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

එළවළු මිල කෘතිම ලෙස ඉහළ දැමීමට මැදිහත් වන නාඩි වෙළඳාම සියලු ආර්ථික මධ්‍යස්ථානවල මේවනවිටත් තහනම්. කිසියම් අයෙකු විසින් නාඩි වෙළඳාමේ නිරත වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාව ද ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට පවරා තිබෙනවා.

nethnews  

No comments

Ads Place