Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර : පළාත් අතර සංචරණ සීමා ලිහිල් නොකෙරේ

අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් ...


අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව අනුව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සීයයට 25ක් වන පරිදි හෝ උපරිම 150 සංඛ්‍යාවකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම පුජනීය ස්ථාන යලි විවෘත කිරීමට ද නව සෞඛය මාර්ගොපදේශ මාලාව යටතේ අවසරය හිමිව තිබෙනවා.

රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන විවෘතව කිරීමට අවසර ලබාදී ඇත අතර එය අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතුවේ. අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවකයින් ගෙන්වා ගැනීමේ සංඛ්‍යාව තීරණය කළ හැකි අතර එසේ කිරීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා ඇත.

කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වනවා.





nethnews




No comments

Ads Place