Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය යළි වෙනස් වන ලකුණු

දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව ඉන්දියාවට එරෙහි එක්දින සහ 20...


දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව ඉන්දියාවට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. උප නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.


දසුන් ශානක මීට පෙර ශ්‍රී ලංකා 20 යි 20 කණ්ඩායමේ නායකයා ලෙස 2019 වසරේ පැවැති පාකිස්තාන තරග සංචාරයේ දී කටයුතු කළ අතර, එම තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා. අනතුරුව ඔහුව මෙම වසර මුල පැවැති කොදෙව් තරග සංචාරයේ 20යි 20 තරගාවලිය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ නමුත්, වීසා ගැටලුවක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. කෙසේවෙතත්, දසුන් ශානක මීට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර නැහැ.


නිමා වූ බංග්ලාදේශ සහ එංගලන්ත තරග සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමි වූ නමුත්, එම සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට සමත් වූයේ නැහැ. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරග 9 කට ක්‍රීඩා කළ අතර, ඉන් තරග 7ක්ම පරාජයට පත් වුණා.


මේ අතර ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙනවා. දෙරට අතර 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි. එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

nethnews

No comments

Ads Place