Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටිපතියන්ට කන්‍යාවියන් විකුණන “මෙල්ඩා” කොටු කරගනියි – අලුත්ම ගොදුරු පිළිකා රෝගය ආසාදිත තරුණියක්!

  කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවකු ළමා හා කාන්තා කාර්යංශය ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත.පිළිකා රෝගයක...

 


කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවකු ළමා හා කාන්තා කාර්යංශය ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත.පිළිකා රෝගයකින් පෙළෙන විසි එක් හැවිරිදි තරුණියක රුපියල් ලක්ෂ තුනකට පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවල ඉදිකිරීම් භාරව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුට විකිණීමට සූදානම් වීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


15 හැවිරිදි බාල වයස්කාර දැරිවියක කන්‍යාවියක් බව කියමින් රුපියල් ලක්ෂ තුනකට අදාළ ව්‍යාපාරිකයාට විකුණා ඇත්තේද ‘මෙල්ඩා’ නමින් ප්‍රසිද්ධ මෙම ජාවාරම්කරු බව හෙළිවී ඇත්තේ.


දැනට අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයාගේ දුරකථනය භාරයට ගෙන විශ්ලේෂණය කිරීමේදී මෙම සතියේදී පිළිකා රෝගී තරුණියව කන්‍යාවියක් සේ විකිණීමේ සූදානම හෙළි වී තිබේ.


මෙම කෝටිපතියාට කන්‍යාවියන් සොයා දීමේදී කන්‍යා භාවය ගැන වෛද්‍ය සහතික පවා ලබාදී ඇති බවත්, මෙල්ඩා නමැති සැකකරු තරුණියන්ගේ සංචිතයක් පවත්වාගෙන යමින් ගණිකා ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බවත් හෙළි වී ඇත.

noizetv

No comments

Ads Place