අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට දුම්කොල සුරුට්ටු රැගෙන ගිය ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔහු එම බන්ධනාගාරයේ සලාක භාරගැනීමේ කාමරයේ බඳුනකට...
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට දුම්කොල සුරුට්ටු රැගෙන ගිය ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔහු එම බන්ධනාගාරයේ සලාක භාරගැනීමේ කාමරයේ බඳුනකට යමක් දමන ආකාරය CCTV දර්ශන මගින් නිරීක්ෂණය වී තිබුණා. ඒ පිළිබද බන්ධනාගාර අධිකාරීවරයාට ලද පැමිණිල්ලකට අනුව හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ හා විශේෂකාර්ය බලකායේ නිලධාරීන් යොදවා පරීක්ෂාවක් සිදුකළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ.
එහිදී දුම්කොල සුරුට්ටු 20 ක් එම බඳුනට දැමූ පාර්සලය තුල තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව ජේලර්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සදහන් කළේ.
මේ අතර ඊසි කෑෂ් ක්‍රමය හරහා රැදවියන්ගෙන් මුදල් ලබාගත් බන්ධනාගාර නියාමකවරයෙකුගේද වැඩ තහනම් කර තිබෙනවා. අදාළ බන්ධනාගාර නියාමකවරයා පැරණි බෝගම්බර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටින්නේ නිරෝධායනය සදහා යොමු කෙරෙන රැදවියන් වන අතර එම බන්ධනාගාරයේ රැගෙනවිත් තිබූ නවක රැදවියන් තිදෙනෙකුගෙන් රුපියල් 9,000 ක මුදලක් අදාළ නියාමකවරයා ලබාගෙන ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
nethnews
No comments