Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිකට බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවට…

  බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය 09 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතු...

 


බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය 09 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

අබලන්ව ඇති පැරණි ගොඩනැඟිලි, අධික තදබදය, බාහිරව බලපා ඇති වෙනත් සාධක හේතුවෙන් බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතිණ.

බන්ධනාගාර සංකීර්ණය සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින් ඉදිරිපත් කෙරුණු අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ලොහාන් රත්වත්තේ මහතා ඒ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළේය.

නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට, නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇත. වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මෙම යෝජිත පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිතය. “සිපිරි සුවසෙත් උදාන” මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති ව්‍යාපෘතිය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයකි.

සිරකරුවන්ගේ සුබසාධානය කෙරෙහි යෝජිත බන්ධනාගාර ව්‍යාපෘතිය තුළ විශේෂ අවධානයක් යොමු කර ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේය.

අනතුරුව ජනාධිපතිතුමා බන්ධනාගාර සංකීර්ණය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල සහ බුද්ධි අංශය ඉදිකිරීමට යෝජිත ස්ථාන නිරීක්ෂණය කළේය.

නිරීක්ෂණ කටයුතු අතරතුර වතු යායේ පදිංචිකරුවන් හමුවු ජනාධිපතිතුමා තොරතුරු විමසා බැලීය. ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබා දීමට කඩිනම්ව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය අලි සබ්රි, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවෙල්, යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

lankacnews

No comments

Ads Place