Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය නවකයන් ශ්‍රී ලංකාව පරදවයි

  ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගය...

 


ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 262 ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නයි. ඔහු වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාර 5 තුළ ලකුණු 52 ක් රැස් කිරීම විශේෂත්වයක්. 


ලකුණු 263ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පළමු පන්දුවාර 5 තුළ ලකුණු 58 ක් රැස් කිරීමට සමත් වුණා. ප්‍රීත්වි ෂෝව් පන්දු 24කදී ලකුණු 43 ක් රැස් කළා. මෙම තරගයේදී එක්දින වරම් දිනාගත් ඊෂාන් කිෂාන් පන්දු 42 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 59 ක්.


ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක ශිකර් දවාන් පන්දු 95 කදී නොදැවී ලකුණු 86 ක් රැස් කළා. ඒ අනුව පන්දුවාර 36 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජය ගත්තා.


පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුළු 2 ක් බිද හෙළු අතර ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් දවා ගත්තා. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීම විශේෂත්වයක්. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ අවසන් වරට පැවති එක්දින තරග 9 ම ජය ගැනීමට සමත් වී තිබෙනවා.


ඒ අනුව 2010 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව මේ දක්වා එක්දින තරග ජයක් වාර්තා කිරීමට මෙතෙක් සමත් වී නැහැ. තරග 3 කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ 2 වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place