Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇලෝසියස්ට දුන් “මෙන්ඩිස් අරක්කු” බලපත්‍රය ජනපති නියෝගයෙන් අහෝසි කරයි!

 පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමට නැවත වරක් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කිරීමට ලබාදුන් අවසරය අත්හි...


 පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමට නැවත වරක් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කිරීමට ලබාදුන් අවසරය අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අද රැස්වූ කැබිනට් රැස්වීමේදී.


අර්ජුන් ඇලෝෂියස් හිමිකාරිත්වය දරනු ලබන පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් හිමිකාරිත්වය දරනු ලබන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටවු බලපත්‍රය යලි සක්‍රිය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී අවසරය ලබාදී තිබුණා.


කෙසේ වුවත් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට නැවත මත්පැන් නිෂ්පාදනය කිරීමට අවසරය ලබාදීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.


රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබුණා.


රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පසුගියදා සඳහන් කර සිටියේ.


බදු පැහැර හැරීම ​හේතුවෙන් 2018 වර්ෂය ආරම්භයේදී මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටවනු ලැබූ අතර එම හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් කෙරුණා.


‘‘අපි ඔවුන්ට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවසර දුන්නා. ඒ අය හිඟ බදු මුදල් ගෙවීමට එකඟ වුණා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමගත් සාකච්ඡා කරලා මේ අවසරය ලබා දුන්නා. සමාගම ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන පනහක හිඟ බදු අපිට ගෙව්වා. සම්පූර්ණ හිඟ මුදල වසර දෙකක් ඇතුළත ගෙවන්න තමයි එකඟතාවට ඇවිත් තියෙන්නේ. තවත් සති තුනක් ඇතුළත තවත් රුපියල් මිලියන පනහක් ගෙවීමට නියමිතයි.’’ යැයි පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමාගමේ හිඟ මුදල අය කර ගැනීමේ වෙනත් ක්‍රමයක් නොමැති බවත් මෙලෙස එකඟතාවකට පැමිණ නිෂ්පාදන අවසරය යළි ලබා දුන් බව වැඩිදුරටත් සඳහන් කළේ.

noizetv

No comments

Ads Place